අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ හලවත ශාන්ත මරියා විදුහල සහ හොරණ තක්ෂිලා විදුහල අතර හලාවත හරේන්ද්‍ර කොරයා ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ ‘බී’ කාණ්ඩයේ තරගයෙන් ලකුණු 32 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත මරියා විදුහල සමත් විය.
එහිදී ශාන්ත මරියා විදුහල වෙනුවෙන් ෂෙනෝල් අප්පුහාමි ලකුණු 46 කට කඩුලු 4 ක්ද, තක්ෂිලා විදුහල වෙනුවෙන් අංජන ජයලත් ලකුණු 20 කට කඩුලු 4 ක්ද දවාගත්හ.
ශාන්ත මරියා විදුහල - ඕවර 38.5 කදී සියලු දෙනා දැවී 185
(ෂෙනොල් අප්පුහාමි 46, සවිඳු ප්‍රසාද් 37, ශවින් වීරසූරිය 27, අංජන ජයලත් 20/4, චිරන්ත දෙව්රුවන් 29/2, නවෝද්‍ය ගිම්හාන 42/2)
තක්ෂිලා විදුහල - ඕවර 25.4 කදී සියලු දෙනා දැවී 153
(අංජන ජයලත් 38, චරිත් හර්ෂණ 25, දිමන්ත දිනුජය 20, ෂෙනෝල් අප්පුහාමි 46/4, දිමුතු අනුහස් 20/2, ෂෙනුල් රොද්‍රිගූ 21/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.