Last Update  :  2024-03-28 14:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශාන්ත පීතරයෝ ශූරතාවට හිමිකම් කියති

ශාන්ත පීතරයෝ ශූරතාවට හිමිකම් කියති

editorial - 2022 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ ‘බී’ කොටසේ ශූරතාව දිනාගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත් විය. ශාන්ත පීතර විදුහල පිට පිටම ‘බී’ කොටසේ ශූරතාවට හිමිකම් කී දෙවැනි අවස්ථාව මෙය විය.

කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී කොළඹ තර්ස්ටන් විදුහලට එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් ශාන්ත පීතර විදුහල් ක්‍රීඩකයෝ මෙවර ශූරතාවට හිමිකම් කීහ.

කාසියේ වාසිය දිනූ ශාන්ත පීතර විදුහල් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් තර්ස්ටන් විදුහලට විෂේන් හැලඹගේ ප්‍රමුඛ ශාන්ත පීතර පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 41.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 114 ක් පමණි.  

ජයග්‍රහණය සඳහා ලකුණු 115 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත පීතර විදුහල ඕවර 21.3 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. ඔවීන් සල්ගාදු ලකුණු 39 ක්ද, නිමුතු ගුණවර්ධන නොදැවී ලකුණු 31 ක්ද රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

තරගාවලියේ මූලික වටය සඳහා කණ්ඩායම් 18 ක් සහභාගි වූ අතර එහිදී ඔවුන් කණ්ඩායම් 9 බැගින් වූ කාණ්ඩ 2 ක් යටතේ තරග වැදිණ. මෙවර තරගාවලියේදී නිමුතු ගුණවර්ධ විසින් ශාන්ත පීතර විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලැබූ අතර ශානික්‍ය දේශප්‍රිය තර්ස්ටන් විදුහල් කණ්ඩායමේ නායකත්වය දැරීය.


තර්ස්ටන් විදුහල - ඕවර 41.2 කදී සියලු දෙනා දැවී 114
(තේනුක දේවප්‍රිය 27, රෂ්මික සොනාල් 20, නවිඳු දුලාන් 14, කවිඳු ප්‍රභාත් 12, විෂේන් හැලඹගේ 33/4, ලෂ්මික පෙරේරා 19/3)

ශාන්ත පීතර විදුහල - ඕවර 21.3 කදී කඩුලු 4 ක් දැවී 115
(ඔවීන් සල්ගාදු 39, නිමුතු ගුණවර්ධන නොදැවී 31, විෂේන් හැලඹගේ 25, තනුග පළිහවඩන 21/2)  

 


අදහස් (0)

ශාන්ත පීතරයෝ ශූරතාවට හිමිකම් කියති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.