Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
මාතර ශාන්ත තෝමස් විදුහල සහ ශාන්ත සර්වේෂස් විදුහල අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පැවැත්වෙන 122 වැනි රුහුණු නිල් මහ සටන වාර්ෂික ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (26 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශාන්ත තෝමස් විදුහල කිසිවකු නොදැවී ලකුණු 52 ක් ලබා සිටියේය.
ඒ අනුව ශාන්ත තෝමස් විදුහල කඩුලු 10 ම අතැතිව ශාන්ත සර්වේෂස් විදුහලට වඩා තවත් ලකුණු 14 ක් පසුපසින් සිටියි. පළමු ඉනිමේදී අර්ධ ශතකයක් ලබාගත් හරිඳු ජයසේකර දෙවැනි ඉනිම සඳහා තරගය නතර කරන විට ලකුණු 37 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියේය. හෙට (27 වැනිදා) තරගයේ අවසන් දිනයයි.
පළමු දිනය වූ ඊයේ (25 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 48 ක් ලබා සිටි ශාන්ත සර්වේෂස් විදුහල් ක්‍රීඩකයෝ, දෙවැනි දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 150 ක් එක්කර ගත්හ. එහිදී දිනුර අබේවික්‍රමසිංහ (59) සහ කුෂාන් විජේරත්න (නොදැවී 65) අර්ධ ශතක ලබාගනිමින් සර්වේෂස් ඉනිම සවිමත් කළහ.
ශාන්ත තෝමස් විදුහල වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සචිර රෂ්මික ලකුණු 50 කට කඩුලු 7 ක් බිඳහෙළූ අතර සර්වේෂස් පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් සිනෙත් දිසානායක ලකුණු 64 කට කඩුලු 2 ක් දවාගත්තේය.
ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 68.1 කදී සියලු දෙනා දැවී 132
(හරිඳු ජයසේකර 53, විරාන් චමුදිත 45/4, තරුෂ ධමිඳු 23/3, හසිත අමරසිංහ 33/2)
ශාන්ත සර්වේෂස් විදුහල් පළමු ඉනිම - ඕවර 75.2 කදී සියලු දෙනා දැවී 198
(දිනුර අබේවික්‍රමසිංහ 59, කුෂාන් විජේරත්න නොදැවී 65, හසිත අමරසිංහ 25, සචිර රෂ්මික 50/7, සිනෙත් දිසානායක 64/2)
ශාන්ත තෝමස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 33 කදී කිසිවකු නොදැවී 52
(හරිඳු ජයසේකර නොදැවී 37)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.