අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල ඊයේ (24 වැනිදා) සමත් විය.
මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයේදී අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහලට එරෙහිව ලකුණු 83 ක ජයක් අත්කර ගනිමින් ජයවර්ධනපුර විදුහල් ක්‍රීඩකයෝ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුහ.
එහිදී ජයවර්ධනපුර මහ විදුහල් ඉනිමේ 8 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ජෝෂප් සෙනෙවිරත්න පන්දු 60 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 53 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල - ඕවර 41 කදී සියලු දෙනා දැවී 165
(ජෝෂප් සෙනෙවිරත්න 53, නෙත්මින හංසක 28, කවිෂ්ක ගිහාන් 24, හිරුෂ දෙව්මික 34/3, ලෂීන් වනිඳු 30/2, කල්ප හර්ෂජිත් 34/2)
පී. ද එස්. කුලරත්න විදුහල - ඕවර 33.1 කදී සියලු දෙනා දැවී 82
(ෂෙහාන් රෂ්මික 18, දෙනුවන් ජයවර්ධන 07/3, ජනිත් ආකාෂ් 22/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.