Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශ්‍රී ජයවර්ධනපුර - පානදුර රාජකීය ගැටුම හෙට

ශ්‍රී ජයවර්ධනපුර - පානදුර රාජකීය ගැටුම හෙට

editorial - 2021 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 19 න්  පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ  'බී' කාණ්ඩයේ අවසන් මහ තරගය හෙට (29 වැනිදා) පැවැත්වෙයි. කෝට්⁣ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල සහ පානදුර රාජකීය විදුහල මුහුණ දෙන මෙම තරගය කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අර්ධ අවසන් පූර්ව වටයේදී කෝට්ටේ ජනාධිපති විදුහල පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසි ජයවර්ධනපුර මහ විදුහල, අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල පරාජය කරමිනි.

අර්ධ අවසන් පූර්ව වටයේදී ගම්පහ බණ්ඩාරනායක විදුහල පරාජය කළ පානදුර රාජකීයයෝ, මාතලේ ශාන්ත තෝමසුවන් පරාජය කරමින් අවසන්  මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්හ.

අවසන් මහ තරගයේදී ජනිත් ආකාෂ් විසින් ⁣ශ්‍රී ජයවර්ධනපුර විදුහලත්, මලින්ද ප්‍රනාන්දු විසින් පානදුර රාජකීය විදුහලත් මෙහෙයවනු ලබති.


ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල් සංචිතය
ජනිත් ආකාෂ් (නායක), කවිෂ්ක ගිහාන්, චමෝද් සුපුන්, හෂිත හිෂාන්, රොනන් දුවින්ස, ජෝෂප් සෙනෙවිරත්න, හේෂාන් උදාර, නිමේෂ් තිවංක, දෙනුවන් ජයවර්ධන, බියන්ක තමීර, නෙත්මින හංසක, ජයඳු සංකල්ප, පැතුම් ධනංජය, නදුල් තරුණ, සචින් ෂෙහාන්, සමුදිත දිල්ෂාන්, දිලුක්ෂ හේෂාන් සහ තලීෂ සිල්වා,
ලක්ෂාන් පෙරේරා මහතා (ප්‍රධාන පුහුණුකරු),
සමීප ලියනගේ මහතා (සහකාර පුහුණුකරු),
ප්‍රියාන් ගීත පෙරේරා මහතා (සහකාර පුහුණුකරු)
තරිඳු හෙට්ටිආරච්චි (ක්‍රිකට් භාර ආචාර්ය)


පානදුර රාජකීය විදුහල් සංචිතය
මලින්ද ප්‍රනාන්දු (නායක), සචින් ජයසිංහ, සන්තුෂ් ආලෝක, හසන්ත වරුණජිත්, රුසිත් ගිම්හාන, නවීන් චන්දූප, ලකිඳු චංචල, රුෂ්මිත තිළිණ, යසිත් ප්‍රමෝදය, හිමේෂ් තිරාන්, කවේෂ් ආදිත්‍ය, ජයෝද් සිල්වා, ඉහන්ස නුවනිඳු, කවීෂ දේෂප්‍රිය, භාතිය සත්සර, ජොහාන් මෙතුෂෙල්, ලෂේන් සාරානාත්, හේ්ෂාන් නිශ්ෂංක, සෙනුර නිලාන් සහ අදීප විමුක්ති,
එස්. කෝදාගොඩාරච්චි මහතා (ක්‍රිකට් භාර ආචාර්ය)
අයේෂ්මන්ත ද සිල්වා මහ⁣තා (පුහුණුකරු)


අදහස් (0)

ශ්‍රී ජයවර්ධනපුර - පානදුර රාජකීය ගැටුම හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.