Last Update  :  2026-04-03 18:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School වෙස්ලි ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට එති

වෙස්ලි ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට එති

editorial - 2026 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ‘බී’ තලයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කොළඹ වෙස්ලි විදුහල සමත් විය. ඒ කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ලකුණු 107 කින් රත්ගම දේවපතිරාජ විදුහල පරාජය කරමිනි.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 275 ක ඉලක්කයක් හඹා ගිය දේවපතිරාජ විදුහලට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 167 ක් පමණි. ඉවසිලිමත් පිතිහරඹයක නිරත වූ යසිරු ලක්ෂාන් පන්දු 142 කට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 71 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. 

මෙම තරගයේදී දේවපතිරාජ විදුහලේ සඳරු මල්ෂාන් කඩුලු 9 ක් බිඳහෙළීමට සමත් වූ අතර එම විදුහලේම පුල්ජිත් වත්සුක සහ දියත් සන්ජිත කඩුලු 4 බැගින්ද, වෙස්ලි විදුහලේ රෂ්මික අමරරත්න, අධ්‍යාන් සියාන් සහ සහ දිනුජ සමරරත්න කඩුලු 4 බැගින්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. 


වෙස්ලි විදුහල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 197 
(ශම්ම ප්‍රනාන්දු 23, රෂීඩ් නයාන් 34, රෂ්මික අමරරත්න 30, ලිතුම් සෙනුජ 24, සෙනුර ලක්ෂාන් 27, කවිඳු හෙට්ටිආරච්චි 16, පුල්ජිත් වත්සුක 31/4, සඳැ මල්ෂාන් 71/3) 

දේවපතිරාජ විදුහල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 142 
(දියත් සන්ජිත 20, අරෝෂ සිතුමින 33, සඳරු මල්ෂාන් 30, රෂ්මික අමරරත්න 23/4, අධ්‍යාන් සියාන් 34/4) 

වෙස්ලි විදුහල් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 219 
(රෂ්මික අමරරත්න 43, සෙනුර ලක්ෂාන් 37, කවිඳු හෙට්ටිආරච්චි 41, සඳරු මල්ෂාන් 88/6, දියත් සන්ජිත 46/4) 

දේවපතිරාජ විදුහල් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 167 
(සඳරු මල්ෂාන් 22, යසිරු ලක්ෂාන් 71, ගිම්හාන් රසාංජන 31, දිනූජ සරමරත්න 52/4, අධ්‍යාන් සියාන් 25/2) 


අදහස් (0)

වෙස්ලි ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.