Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර “රන් සටන” මහා ක්‍රිකට් තරගයට සමගාමීව පළමු වරට පැවැති ඕවර 20-20 තරගයේදී ඩක්වර්ත් - ලුවිස් ක්‍රමයට ලකුණු 8කින් ජය හිමිකර ගැනීමට කොළඹ මහානාම විද්‍යාලය සමත්විය.
රාත්‍රි තරගයක් ලෙස කොළඹ සී.සී.සී. පිටියේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් මහානාම විද්‍යාලයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඩී. එස්. සේනානායක
ඉනිමට අවස්ථා 2කදී වර්ෂාවෙන් බාධා ඇතිවිය. තරගය නැවත ආරම්භ කිරීමේදී එක් පිලකට ඕවර 18ක් බැගින් හිමිවිය. කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය නියමිත ඕවර 18 තුලදී කඩුලු 6 ක් පමණක් දැවී ලකුණු 134ක් රැස් කළේය.
රනුමිත සෙහස් පන්දු 38 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50 ක් රැස් කළේය. රනුමිත සෙහස් සහ ඩිලාෂ් කුමාරනායක සිව්වැනි කඩුල්ලට ලකුණු 60ක අගනා සම්බන්ධතාවයක් ගොඩනැගූහ.
වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට මහානාම විද්‍යාලය ඕවර 16කදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 126ක් රැස් කර තිබිණ. ඩක්වර්ත් - ලුවිස් ක්‍රමයට අනුව කොළඹ මහානාම විද්‍යාලයට ලකුණු 8ක ජයක් හිමිවිය. සිතුම් විහඟ වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 19 කින් නොදැවී ලකුණු 42 ක් ලබාගත්තේය. ආරම්භක පිතිකරු දුල්නිත් සිගේරා (28) සහ සිනෙත් වීරරත්න (28) තම ඉනිමේ පළමු කඩුල්ලට ලකුණු 54ක සම්බන්ධතාවයක් පැවැත්වූහ.
තරගයේ වීරයා ලෙස මහානාම විදුහලේ සිතුම් විහඟ සම්මාන ලැබීය. ඩී.එස්.සේනානායක විදුහලේ රනුමිත සෙහස් දක්ෂතම පිතිකරුවා ලෙස සම්මාන ලැබීය. මහානාම විද්‍යාලයේ චාමික හීනටිගල සහ අනුක විජේවර්ධන තරගයේ දක්ෂතම පන්දු යවන්නා සහ දක්ෂතම පන්දු රකින්නා ලෙස සම්මාන ලැබූහ.
ඩී.එස්.සේනානායක විද්‍යාලය - ඕවර 18 කදී කඩුලු 6 ට134 යි.
(රනුමිත සෙහස් 50, මලිත පෙරේරා 20, ඩිලාෂ් කුමාරනායක 17, චාමික හීනටිගල 24/2, දුල්නිත් සිගේරා 29/2)
මහානාම විද්‍යාලය - ඕවර 16 කදී කඩුලු 6 ට 126 යි.
(සිතුම් විහඟ නොදැවී 42, දුල්නිත් සිගේරා 28, සිනෙත් වීරරත්න 28, රන්දීෂ බණ්ඩාරනායක 29/2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.