Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School වත්තල ලයිසියම් පාලසට ලකුණු 508 ක ජයක්

වත්තල ලයිසියම් පාලසට ලකුණු 508 ක ජයක්

editorial - 2022 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ III වන කොටසේ ක‍්‍රිකට් තරගාවලියේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල අතර බණ්ඩාරනායක විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 508 ක ජයක් අත්කර ගැනීමට ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් විය.

මෙහිදී විශිෂ්ට පිතිහරඹයක යෙදුණු නායක එනුක ද අල්විස් (110) සහ බිම්සර වීරසිංහ (102) ශතක ලබාගනිමින් සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 235 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්වූහ.

එනුක ද අල්විස් පන්දු 54 කදී හතරේ පහර 13 ක් සමගින් ලකුණු 110 ක් සහ බිම්සර වීරසිංහ පන්දු 50 කදී හයේ පහරක් සහ හතරේ පහර 19 ක් සමගින් ලකුණු 102 ක් ගැනීමට සමත්වූහ.

වත්තල ලයිසියම් -  ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 545  
(එනුක ද අල්විස් 110, බිම්සර වීරසිංහ 102, ඔමල්ක හපුආරච්චි 57, සදීෂ ගිම්හාන 55, නෙතුක බිනුක් 55, ගුවනි`දු

ආටිගල 53, කෙවින් පෙරේරා 36, තරීන් නේතක 32/2) 
බණ්ඩාරනායක විදුහල -  ඕවර 15.3 කදී සියලූදෙනා දැවී 37 (අධීෂ අත්තනායක 04/4, නදුප වෙදගේ 14/4) 

2079


අදහස් (0)

වත්තල ලයිසියම් පාලසට ලකුණු 508 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.