Last Update  :  2025-07-12 11:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School මීගමුව මාරිස්ටෙලා තෙවැනි වටයට
15න් පහළ පළමු කොටසේ ක්‍රිකට්

මීගමුව මාරිස්ටෙලා තෙවැනි වටයට

editorial - 2025 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වටයට සුදුසුකම් ලැබීමට මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය  සමත්විය. දෙවැනි වටයේ තරගයකදී මීගමුව මාරිස්ටෙලා  විද්‍යාලය විසින් කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් අත්කර ගන්නා ලදි. 

මෙම තරගයේදි මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය වෙනුවෙන් සංසල විතානගේ තුන් ඉරියව් දස්කම් දැක්වීය. සංසල විතානගේ පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 40කට කඩුලු 5ක් දවාලූ අතර, පිත්තෙන් දස්කම් දක්වමින් නොදැවී ලකුණු 33ක් රැස් කළේය.


මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 8 ට 187 යි
(නවිත් ද සිල්වා 38, සංසල විතානගේ නොදැවී 33, ඩිලේන් මෙන්ඩිස් නොදැවී 31, සිතුම් ද සිල්වා 24, එනුක වික්‍රමරත්න 26/3, තුහින මිරැන්ඩෝ 41/2)

කොළඹ ආනන්ද විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 9 ට 176 යි 
(තුහින මිරැන්ඩෝ නොදැවී 37, දනුප දහම්සත් 37, සතිර සුහස්වින් 21, සංසල විතානගේ 40/5, ඩිලේන් මෙන්ඩිස් 28/2)

 


සංසල විතානගේ


අදහස් (0)

මීගමුව මාරිස්ටෙලා තෙවැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.