මහනුවර කිංග්ස්වුඩ් විදුහල සහ මීගමුව මාරිස්ටෙලා විදුහල අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පාසල් ක්‍රිකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මාරිස්ටෙලා විදුහල සමත් විය.
එහිදී මාරිස්ටෙලා විදුහල වෙනුවෙන් හංසජ හිරුණ (111) ශතකයක් ලබාගත් අතර ෂේන් ආදිත්‍ය (71), සචිරු හංසජ (61) සහ ප්‍රියෂාන් සිල්වා (57) අර්ධ ශතක ලබාගත්හ. එම විදුහලේම ප්‍රියෂාන් සිල්වා ලකුණු 48 කඩුලු 6 ක් බිඳහෙළමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.
කිංග්ස්වුඩ් විදුහල - ඕවර 67.3 කදී සියලු දෙනා දැවී 205
(මහසෙන් අබේකෝන් 66, හසින්ත පොල්කොටුව 27, දුමිඳු බණ්ඩාර 26, ප්‍රියෂාන් සිල්වා 48/6, කවීත දිනල්ක 42/2)
මාරිස්ටෙලා විදුහල - ඕවර 90.4 කදී කඩුලු 9 ක් දැවී 348
(හංසජ හිරුණ 111, ෂේන් ආදිත්‍ය 71, සචිරු හංසජ 61, ප්‍රියෂාන් සිල්වා 57, අමේෂ් රූපසිංහ 103/4, චමුදික අබේරත්න 53/3, රවිඳු බණ්ඩාර 93/2)
කිංස්ග්වුඩ් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 33 කදී කඩුලු 3 ක් දැවී 70
(ෂේන් ආදිත්‍ය 08/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.