Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School මාරිස්ටෙලා විදුහල කඩුලු 6 ක ජයක් ලබයි

මාරිස්ටෙලා විදුහල කඩුලු 6 ක ජයක් ලබයි

editorial - 2021 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ වාද්දුව මැදි විදුහල සහ තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහල අතර මාරිස්ටෙලා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට මාරිස්ටෙලා විදුහල සමත් විය.

එහිදී වාද්දුව මැදි විදුහලේ ෂෙහාන් අක්ෂන (55) අර්ධ ශතකයක් ලබාගත් අතර මාරිස්ටෙලා විදුහලේ කණිෂ්ක ගමගේ (47), දිනුක සිල්වා (46) සහ ෂෙනුක් දින්වර (42) අර්ධ ශතක පෙනි පෙනී දැවී ගියහ.


වාද්දුව මැදි විදුහල - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 195
(ෂෙහාන් අක්ෂන 55, විහඟ රන්දිම 31, දේෂාන් මධුෂංක 25, විශ්ව පෙරේරා නොදැවී 22, සවිඳු පෙරේරා 40/3)

මාරිස්ටෙලා විදුහල - ඕවර 37.2 කදී කඩුලු 4 ක් දැවී 198
(කණිෂ්ක ගමගේ 47, දිනුක සිල්වා 46, ෂෙනුක් දින්වර 42, සවිඳු පෙරේරා 26)

-036

 


අදහස් (0)

මාරිස්ටෙලා විදුහල කඩුලු 6 ක ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.