Last Update  :  2025-07-12 11:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School මහින්දය අපරාජිතව තෙවැනි වටයට
17න් පහළ පළමු කොටසේ ක්‍රිකට්

මහින්දය අපරාජිතව තෙවැනි වටයට

editorial - 2025 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ අපරාජිතව තෙවැනි වටයට සුදුසුකම් ලැබීමට ගාල්ල මහින්ද විද්‍යාලය සමත්විය.

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති මෙම දෙවැනි වටයේ තරගයේදී ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය ලකුණු 16 කින් පැරදවීමට ගාල්ල මහින්ද විද්‍යාලය සමත්විය. 

මෙම තරගයේදී දක්ෂ පිතිහරඹයක නිරතවූ ගාල්ල මහින්ද විද්‍යාලයේ මුල් පෙළ පිතිකරු සෙහස් අශිංස පන්දු 152 කදී හතරේ පහර 16ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 151ක් රැස් කළේය. 


ගාල්ල මහින්ද විද්‍යාලය - ඕවර 49.5 කදී 257 යි 
(සෙහස් අශිංස 151, කවීෂ ගිත්මාල් 35, නවිරු නිශිත 24, හිවිරු නිම්තරණ 49/4, මනිඳු පබසර 32/2)

ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය - ඕවර 50 කදී සියලු දෙනා දැවී 241 යි 
(චනුල් සංකේත් 85, මනිඳු පබසර 57, ගිම්හාන් හංසක 22, විනුද රවිශාන් 21, තියෝන් හෙලික 82/4, තෙනුක් නෙත්වින් 41/3

සෙහස් අශිංස  


අදහස් (0)

මහින්දය අපරාජිතව තෙවැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.