අන්තර් පාසල් වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ මහානාම විදුහල් ‘බී’ කණ්ඩායම සහ හොරේතුඩුව ශ්‍රී චන්ද්‍රසේකර විදුහල අතර වාද්දුව මැදි විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 122 ක ජයක් අත්කර ගැනීමට මහානාම විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ෂෙනුක් පෙරේරා සහ මහිරු වීරගොඩ කඩුලූ 4 බැගින් බිඳහෙළමින් මහානාම විදුහල් ‘බී’ කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන ගියහ.
මහානාම විදුහල් ‘බී’ පිල - ඕවර 48.4 කදී සියලූ දෙනා දැවී 243
(මහිරු වීරගොඩ 42, උදාන් ද සිල්වා 39, රෙහාන් ද සිල්වා 28, කාවින්ද තීක්ෂණ 12/3, රන්දිම කෞෂල්‍ය 57/3, තරිඳු දුලංජන 50/2)
ශ්‍රී චන්ද්‍රසේකර විදුහල - ඕවර 33.5 කදී සියලූ දෙනා දැවී 121
(විසල් ශ්‍රී සත්සර 49, නිමේෂ් මධුෂංක 24, ෂෙනුක් පෙරේරා 27/4, මහිරු වීරගොඩ 30/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.