Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල විදුහලත් කටුගස්තට ශ්‍රී රාහුල විදුහලත් අතර 27 වැනි වරටත් පැවැත්වෙන කඳුරට රන් මහා සටන මහා ක්‍රිකට් තරඟය අද සහ හෙට (16 - 17) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වේ.
මෙම විදුහල් දෙක අතර මෙතෙක් පවත්වා ඇති මහා ක්‍රිකට් තරග 27 න් තරඟ 05ක ජය සුමංගල විදුහල විසින් වාර්තා කොට ඇති අතර රාහුල විදුහල මෙතෙක් මහා ක්‍රිකට් ජයක් වාර්තා කොට නොමැත.
මෙවර සුමංගල විදුහල් පිල මොවිඳු බාලසූරිය විසින්ද රාහුල විදුහල් පිල තවීෂ සේනාල් ජයසූරිය විසින්ද මෙහෙයවනු ලබයි.
ශ්‍රී සුමංගල විදුහල් පිල මේ තරඟ වාරයේ තරඟ 14 කට මුහුණ දී ඉන් තරග 08 ක පූර්ණ ජය වාර්තා කොට තරඟ 05 ක පළමු ඉනිමේ ජය වාර්තා කොට තිබේ.
රාහුල විදුහල මේ තරග වාරයේ තරග 08 කට මුහුණ දී ඉන් තරග 03 ක පූර්ණ ජය වාර්තා කොට තරඟ 03 ක පළමු ඉනිමේ ජය වාර්තා කොට තිබේ.
සුමංගල විදුහල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දක්වමින් අරූජ් නිහාර ලකුණු 850 ක් වාර්තා කොට ඇති අතර පන්දුවෙන් දස්කම් දක්වමින් සනිදු නිසාල් කඩුලු 82 ක්ද ෂේන් රසීන් කඩුලු 45 ක්ද දවාගෙන තිබේ.
රාහුල විදුහල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දක්වමින් කවීෂ සෙනාල් ලකුණු 510 ක්ද පහන් විමලවීර ලකුණු 250 ක්ද කවිදු දිලුම් ලකුණු 300 ක්ද ලබාගෙන ඇති අතර පන්දුවෙන් දස්කම් දක්වමින් චාමික ජයසංක කඩුලු 24 ක් ලබාගෙන තිබේ.
වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාල ක්‍රිකට් පිල.
මොවිඳු බාලසූරිය (නායක) අරුජ් ඒකනායක, සවිදු නිසල්, විශල් භාරත, කුසල් බණ්ඩාර, නළන ඉලංකෝන්,කෞශල්‍ය අමුණුගම, තිසර ගිම්හාන, සයුරංග විජේරත්න, ෂේන් රෂීන්, ගිමන් අරුණෝද්, නිම්සර දිනෙත්, විහඟ ප්‍රභාෂ, තේමුර සමරතුංග, නිනූෂ් සේනාරත්න සහ කෝෂිත අභිරූ,
කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාල ක්‍රිකට් පිල
තවීෂ ජයසූරිය (නායක), තියුණු සමරනායක, කවිදු සමරවීර, භාණුක බණ්ඩාර, සුබෝද් ද සිල්වා, චමිදු සත්සර, සෙනල් විජේසිරි, කනිෂ්ක රාජපක්ෂ, ගීත් ආරියරත්න, චාමික කපිලරත්න, බුද්ධික විජේසිංහ, පහන් විමලවීර, කේෂාන් රත්නායක, පැතුම් බණ්ඩාර, ගගන මහකුඹුර, චිරණ තිලකරත්න සහ සචිත්‍ර මෙන්ඩිස්.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.