අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ගම්පහ බණ්ඩාරනායක විදුහල සහ මහනුවර කිංග්ස්වුඩ් විදුහල අතර බණ්ඩාරනායක විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ ‘බී‘ කාණ්ඩයේ තරගයෙන් කඩුලු 2 ක ජයක් අත්කර ගැනීමට බණ්ඩාරනායක විදුහල සමත් විය.
එහිදී කිංග්ස්වුඩ් විදුහල වෙනුවෙන් හසින්ත පොල්කොටුව (83) ද, බණ්ඩාරනායක විදුහල වෙනුවෙන් දිනුජය හෙට්ටිආරච්චි (87) ද අර්ධ ශතක ලබාගත්හ.
කිංග්ස්වුඩ් විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 243
(හසින්ත පොල්කොටුව 83, ගනුක සළුවඩන 43, කවිජ ගමගේ 25, නිකේෂල නානායක්කාර 24, ඔෂාන් විරංජන 21, යසිරු විජේසිංහ 37/3, දුලාන් රණසිංහ 34/2)
බණ්ඩාරනායක විදුහල - ඕවර 41.1 කදී කඩුලු 8 ක් දැවී 246
(දිනුජය හෙට්ටිආරච්චි 87, අෂේන් වික්‍රමසිංහ 37, දුලාන් රණසිංහ 36, මනිඳු හේරත් 30, කවිජ ගමගේ 41/3, අමේෂ් රූපසිංහ 43/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.