Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School පානදුර ශ්‍රී සුමංගල - ශාන්ත ජෝන් ගැටුම හෙට

පානදුර ශ්‍රී සුමංගල - ශාන්ත ජෝන් ගැටුම හෙට

editorial - 2021 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


--------------------
ශානුක අරවින්ද
--------------------

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 19 න්  පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ 'ඒ' කාණ්ඩයේ අවසන් මහ තරගයේදී පානදුර ශ්‍රී සුමංගල  විදුහලට එරෙහිව පානදුර ශාන්ත ජෝන් විදුහල  ⁣හෙට (30 වැනිදා) කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසීමට නියමිතය.

අර්ධ අවසන් පූර්ව වටයේදී පිළියන්දල මැදි විදුහල පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසි සුමංගල  විදුහල, අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන්  පූර්ව වටයේදී කළුතර සිරි කුරුස විදුහල පරාජය කරමිනි.

අර්ධ අවසන් පූර්ව වටයේදී පාදුක්ක සිරි පියරතන විදුහල පරාජය කළ ශාන්ත ජෝන් ක්‍රීඩකයෝ, අවසන් පූර්ව වටයේදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල පරාජය කරමින් අවසන් මහ තරගයේ් ස්ථානයක් වෙන්කරවා ගත්හ.

අවසන් මහ තරගයේදී තරණ ද සිල්වා විසින් ⁣සුමංගල විදුහලත්, මලිත් ප්‍රනාන්දු විසින් ශාන්ත ජෝන් විදුහලත් මෙහෙයවනු ලබති.


පානදුර ශ්‍රී සුමංගල විද්‍යාල කණ්ඩායම
තරණ ද සිල්වා (නායක), මිහිරංග ප්‍රනාන්දු, ඉමේත් ගම්පොල, චාරුක ජයතිලක, ප්‍රභාෂ් ජයසේකර, විශ්ව ලහිරු, චාරුක පීරිස්, හේෂන් උමින්ද, විදූෂ පීරිස්, ලකිඳු ප්‍රනාන්දු, ඩුරන්ක සිල්වා, කවිඳු ගයාත්‍ර, හෙෂාන් ජයලත්ආරච්චි, නමින ප්‍රනාන්දු, ඉමාල්ක ප්‍රනාන්දු, මන්මිත කහපොළආරච්චි, චමෝද් අල්විස්, රසිකා දිල්ෂාන්, සඳුන් මදුවන්ත,
කැළුම් ප්‍රනාන්දු (ප්‍රධාන පුහුණුකරු),
දේශාන් ප්‍රනාන්දු (සහකාර පුහුණුකරු),
ප්‍රියංකර නන්දසේන (ක්‍රීඩා භාර ආචාර්ය)

 

පානදුර ශාන්ත ජෝන් විද්‍යාල කණ්ඩායම
මලිත් ප්‍රනාන්දු (නායක), ඩී.එම්. ප්‍රසන්න, ධනංජය කුමාර, සුමුදු උදාර, දිනුෂ්ක මධුෂාන්, අමිල තුරුවන්, ෂමෝද් අපෝන්සු, තිෂාන් අචින්ත, නිලංග සිල්වා, යසිරු සන්දීප, බිම්සර කලණජිත්,  කවින්ද දේශන්, නිමේෂ් දිල්ෂාන්, ප්‍රසංග පීරිස්, සුලක්ෂන් ප්‍රනාන්දු, සෙනුර සන්දීප්, යසස් පෙරේරා, ලක්මිණ ප්‍රේමතිලක, කවිශ්ක ප්‍රනාන්දු සහ ප්‍රභාත් මන්සර
නාලක චතුරංග (ප්‍රධාන පුහුණුකරු),
මනෝජ් නිරෝෂා (සහකාර පුහුණුකරු),
ආර්.එන්.පී. ලෙනෝරා (භාරව සිටින මාස්ටර්)


අදහස් (0)

පානදුර ශ්‍රී සුමංගල - ශාන්ත ජෝන් ගැටුම හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.