අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ මීගමුව ශාන්ත පීතර විදුහල සහ කළුතර සිරිකුරුස විදුහල අතර ගිරිවුල්ල වික්‍රමශීලා ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට සිරිකුරුස විදුහල සමත් විය.

එහිදී සිරිකුරුස විදුහලේ පසිඳු විමංස ලකුණු 11 කට කඩුලු 5 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූ අතර එම විදුහලේම රෂාන් කේතක (60) අර්ධ ශතකයක් ලබාගත්තේය.
ශාන්ත පීතර විදුහල - ඕවර 42.1 කදී සියලු දෙනා දැවී 139
(නිමේෂ් ශ්‍රී රන්දික නොදැවී 48, ලසිත් පීරිස් 32, නවීන් අතිෂ්ඨ 27, පසිඳු විමංස 11/5, හංසජ බ්‍රයන් 22/2)
සිරිකුරුස විදුහල - ඕවර 30.3 කදී කඩුලු 3 ක් දැවී 140
(රෂාන් කේතක 60, ගයන්ත නදීෂ 43)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.