අන්තර් පාසල් වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ මොරටුව වේල්ස් කුමර විදුහල සහ හොරේතුඩුව ශ‍්‍රී චන්ද්‍රසේකර මහා විදුහල අතර වේල්ස් කුමර විදුහල කී‍්‍රඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 10 ක ජයක් අත්කර ගැනීමට වේල්ස් කුමර විදුහල සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ වේල්ස් කුමර විදුහලේ නිෂෙල් හේවාජුලිගේ ලකුණු 22 කට කඩුලූ 4 ක්ද, අස්මිත එදිරිසිංහ ලකුණු 38 කට කඩුලූ 3 ක්ද දවාගත්හ.
වේල්ස් කුමර විදුහල - ඕවර 40.4 කදී දැවී 157
(ප‍්‍රකාෂ් ඕෂධ 34, මතීෂ අපොන්සු 27, උපේක ප‍්‍රනාන්දු 23, කවිඳු තීක්ෂණ 19/2, විසල් ශ‍්‍රී සත්සර 21/2, ආකාෂ් හිරුෂ 26/2)
ශ‍්‍රී චන්ද්‍රසේකර විදුහල - ඕවර 44.1 කදී සියලූ දෙනා දැවී 147
(දුමිඳු පබසර 29, නිමේෂ් මධුෂංක 22, නිෂෙල් හේවාජුලිගේ 22/4, අස්මිත එදිරිසිංහ 38/3, අදීෂ සිරිවර්ධන 23/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.