Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ධර්මරාජ විදුහලට ලකුණු 18 ක ජයක්

ධර්මරාජ විදුහලට ලකුණු 18 ක ජයක්

editorial - 2022 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ධර්මරාජ විදුහල සහ කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල අතර ධර්මරාජ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 18 ක ජයක් අත්කර ගැනීමට ධර්මරාජ විදුහල සමත් විය.

එහිදී ශ්‍රී රාහුල විදුහලේ කවිඳු තියුම් (54) අර්ධ ශතකයක් ලබාගනිමින් සහ ලකුණු 36 කට කඩුලු 2 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.


ධර්මරාජ විදුහල - ඕවර 45.5 කදී සියලු දෙනා දැවී 192
(ආර්. ගුණවර්ධන 35, කේ. ගුණරත්න 21, රත්නායක බණ්ඩාර 21, ප්‍රාර්ථන බණ්ඩාර 56/3, කළණ උධීර 02/2, තවීෂ ෂෙනාල් 25/2, කවිඳු තියුම් 36/2)

ශ්‍රී රාහුල විදුහල - ඕවර 40.5 කදී සියලු දෙනා දැවී 174
(කවිඳු තියුම් 54, භානුක බණ්ඩාර 23, දුෂාන් දිනුජය 25, කේ. බණ්ඩාර 06/4, එච්. හේරත් 35/3)

-036

 


අදහස් (0)

ධර්මරාජ විදුහලට ලකුණු 18 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.