අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල සහ පාදුක්ක සිරි පියරතන විදුහල අතර අම්බලන්ගොඩ නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ ‘ඒ‘ කාණ්ඩයේ තරගයෙන් ලකුණු 120 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී දේවානන්ද විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ශ්‍රී දේවානන්ද විදුහලේ රනූෂ ද සිල්වා නොදැවී ලකුණු 94 ක් රැස්කළ අතර එම විදුහලේම කවීෂ කල්පන ලකුණු 38 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශ්‍රී දේවානන්ද විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 238
(රනූෂ ද සිල්වා නොදැවී 94, හසිඳු ප්‍රබෝධ 36, ෂෙහාන් වික්‍රමසිංහ 27, ලසිඳු ලක්ෂාන් 26, කදිරේෂන් අගාෂ් 23/2, බුද්ධි විජේතුංග 34/2, මනෙත් පවන් 45/2, තරිඳු චමෝද්‍ය 47/2)
සිරි පියරතන විදුහල - ඕවර 34.4 කදී සියලු දෙනා දැවී 118
(හරිත තාරුක 33, කවීෂ කල්පන 38/4, වනිත් ද සිල්වා 18/3, ලසිඳු ලක්ෂාන් 38/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.