Last Update  :  2024-04-24 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School දේවපතිරාජ ක්‍රීඩිකාවෝ තෙවැනි තැනට

දේවපතිරාජ ක්‍රීඩිකාවෝ තෙවැනි තැනට

editorial - 2022 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

අන්තර් පාසල් බාලිකා වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට රත්ගම දේවපතිරාජ විදුහල අද (2 වැනිදා) සමත් විය. කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ස්ථානය තේරීමේ තරගයේදී වාද්දුව මැදි විදුහලට එරෙහිව ලකුණු 54 ක ජයක් වාර්තා කරමින් දේවපතිරාජ ක්‍රීඩිකාවෝ තරගාවලියේ තෙවැනි ස්ථානයට පත්වූහ.

වර්ෂාව හේතුවෙන් තරගයේ ඉනිමක් ඕවර 20 කට සීමා වූ අතර එහිදී ජයග්‍රහණය සඳහා ලකුණු 130 ක ඉලක්කයක් හඹාගිය වාද්දුව මැදි විදුහල් කණ්ඩායමට ඕවර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 75 ක් පමණි. රෂ්මි නේත්‍රාංජලී, ස්වප්නා මධුභාෂිණී සහ හිරුණි හංසිකා කඩුලු 2 බැගින් දවාගනිමින් වාද්දුව මැදි විදුහල් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහර කර දැමූහ.  

පළමුවෙන් පන්දුවට පහරදුන් දේවපතිරාජ විදුහල ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 129 ක් ලබා ගත්තේය. එහිදී නායිකා ඉමේෂා දුලානි පන්දු 47 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 54 ක් රැස්කරමින් දක්ෂ පිතිහරඹයක නිරත වූවාය. ආරම්භක පිතිකාරිණී කාව්‍යා කාවින්දි පන්දු 40 කින් ලකුණු 35 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

ඉකුත් වසරේ (2021) ශූරයන් බවට පත්වූ දේවපතිරාජ විදුහලට මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයේදී නුගේගොඩ අනුලා විදුහල හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය. ඉකුත් වසරේ අනු ශූරියන් වූ වාද්දුව මැදි විදුහලට මෙවර අවසන් මහ තරගයට පිවිසීමට නොහැකී වූයේ අවසන් පූර්ව වටයේදී ගම්පහ රත්නාවලී බාලිකා විදුහල හමුවේ පරාජයට පත්වීම හේතුවෙනි.


දේවපතිරාජ විදුහල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 129
(ඉමේෂා දුලානි 54, කාව්‍යා කාවින්දි 35, නෙත්මි පූර්ණිමා 16/3, නවෝද්‍යා නෙත්මිණී 21/3)

වාද්දුව මැදි විදුහල - ඕවර 19.5 කදී සියලු දෙනා දැවී 75
(නවෝද්‍යා නෙත්මිණී 19, රෂ්මි නේත්‍රාංජලී 13/2, ස්වප්නා මධුභාෂිණී 13/2, හිරුණි හංසිකා 04/2)

 


අදහස් (0)

දේවපතිරාජ ක්‍රීඩිකාවෝ තෙවැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.