අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ පානදුර ශාන්ත ජෝන් විදුහල සහ කළුතර තිස්ස විදුහල අතර තිස්ස විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් ලකුණු 11 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝන් විදුහල සමත් විය.
එහිදී ශාන්ත ජෝන් විදුහලේ දෙනෙත් ප්‍රසංග (67) අර්ධ ශතකයක් ලබාගත් අතර යසිරු ඊෂ්වරගේ ලකුණු 27 කට කඩුලු 4 ක් දවාගත්තේය.
ශාන්ත ජෝන් විදුහල - ඕවර 47.4 කදී සියලු දෙනා දැවී 234
(දෙනෙත් ප්‍රසංග 67, සුමුදු උදාර 47, සහන් මිහිර 43, චතුෂ්ක අපොන්සු 27, චමල් සාරංග 51/3, විමේෂ් ප්‍රමුෂංක 26/2)
තිස්ස විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 223
(ශරීන් ධනංජය 48, අෂේන් චනුල 30, චතුම් හර්ෂික් නොදැවී 29, විමේෂ් ප්‍රමුෂංක නොදැවී 28, යසිරු ඊෂ්වරගේ 27/4, සහන් මිහිර 23/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.