Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School දුලාංජනගෙන් ත්‍රිත්ව ශතකයක්

දුලාංජනගෙන් ත්‍රිත්ව ශතකයක්

editorial - 2022 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)
අන්තර් පාසල් වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ  රාගම බැසිලිකා විදුහලට එරෙහිව බැසිලිකා විදුහල්  ක‍්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයේදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් ත්‍රිත්ව ශතකයක් ලබාගැනීමට වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහලේ ඉනේෂ් දුලාංජන (344) සමත් විය.


එහිදී පන්දු 130 කට මුහුණදුන් දුලාංජන හයේ පහර 19 කන් සහ හතරේ පහර 44 කින් සිය ඉනිම සැරසුවේය. නෙවින් සෙන්කිත් (111) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 192 කදී ලකුණු 452 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද දුලාංජන සමත් විය. ඔහුගේ පිතිහරඹය හේතුවෙන් ජෝෂප් වාස් විදුහලට මෙම තරගයෙන් ලකුණු 665 ක ජයක් හිමිවිය.

පන්දු 83 කදී වාර්තා වූ සෙන්කිත්ගේ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 19 කින් සමන්විත විය.  සෙන්කිත්ගේ දැවී යෑමෙන් අනතුරුව පිටයට පිවිසි විමුක්ති ඉෂාර පන්දු 39 කින් වේගවත් ලකුණු 109 ක් රැස්කළේ හයේ පහර 7 ක් සහ හතරේ පහර 13 ක් සමගිනි.

ඩොමිනික් ප්‍රනාන්දු පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමග නොදැවී ලකුණු 57 ක් රැස්කළේය. පිතිකරුවන් විශිෂ්ට දක්ෂතා හේතුවෙන් ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 708 ක් ලබාගැනීමට ජෝෂප් වාස් කණ්ඩායමට හැකිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 709 ක ඉලක්කයක් හඹාගිය බැසිලිකා විදුහලට දෙනෙත් නිම්සර ප්‍රමුඛ ජෝෂප් වාස් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 17 ක් අවසන් වන විට ලබාගත හැකි වූයේ ලකුණු 43 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ නිම්සර ලකුණු 07 කඩුලු 6 ක් බිඳහෙළුවේය.


ශාන්ත ජෝෂප් වාස් විදුහල -  ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 708
(ඉනේෂ් දුලාංජන 344, නෙවින් සෙන්කිත් 111, විමුක්ති ඉෂාර නොදැවී 109, ඩොමිනික් ප්‍රනාන්දු නොදැවී 57, හංස මිහිරංග 39, චතිස් තිරේෂ 89/2, කනිෂ්ක ජයන් 100/2)

බැසිලිකා විදුහල -  ඕවර 17 කදී සියලු දෙනා දැවී 43
(දෙනෙත් නිමිසර 07/6)


අදහස් (0)

දුලාංජනගෙන් ත්‍රිත්ව ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.