අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල සහ මාතලේ ශාන්ත තෝමස් විදුහල අතර රාහුල විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ ‘බී’ කාණ්ඩයේ තරගයෙන් ලකුණු 106 ක ජයක් අත්කර ගැනීමට රාහුල විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ රාහුල විදුහලේ දිනෙත් අබේසේකර (100) ශතකයක් ලබාගත් අතර එම විදුහලේම දිල්ෂාන් අරඹේගෙදර සහ ප්‍රසාද් කුමාර කඩුලු 4 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
රාහුල විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 190
(දිනෙත් අබේසේකර 100, සුමේද ප්‍රසාද් 22, තිසුම් සුබසිංහ 31/2, දුදිල කුලරත්න 32/2, දිලාන් ඉෂාර 45/2)
ශාන්ත තෝමස් විදුහල - ඕවර 19.3 කදී සියලු දෙනා දැවී 84
(දිල්ෂාන් අරඹේගෙදර 12/4, ප්‍රසාද් කුමාර 23/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.