Last Update  :  2026-01-11 22:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School කොළඹ ශාන්ත ජෝශප් ‘බී’ අවසන් පූර්ව වටයට එයි

කොළඹ ශාන්ත ජෝශප් ‘බී’ අවසන් පූර්ව වටයට එයි

editorial - 2026 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13 න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය ‘බී’ කණ්ඩායම සමත්විය. 

මහර බන්ධනාගාර ක්‍රීඩාංගණයේ පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාල ‘බී’ කණ්ඩායම විසින් පානදුර ශ්‍රී සුමංගල  විද්‍යාලයීය ‘බී’ පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීය.


කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය ‘බී’ - පළමු ඉනිම ඕවර 50 කදී කඩුලු 4 ට- 129 යි
(ෂෝන් සිල්වා 55, අශේන් පෙරේරා නොදැවී 41, අනුත්තර සිල්වා 18/2, දිනෙත් සිල්වා 23/2)

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය ‘බී’ කණ්ඩායම - පළමු ඉනිම ඕවර 38 කදී සියලු දෙනා දැවී- 61 යි 
(ඉනුල විජේරත්න 7/4, නිවේන් ලොකුනරංගොඩ 18/2)


අදහස් (0)

කොළඹ ශාන්ත ජෝශප් ‘බී’ අවසන් පූර්ව වටයට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.