Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමුවටයේ තරගයකදී කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහිව කඩුලු 10ක පහසු ජයක් ලැබීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත්විය.
කොළඹ රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ දුෂේන් උඩවෙල ලකුණු 02 කට කඩුලු 5 ක් දවාලූ අතර, සෙහඳු සූරියආරච්චි ලකුණු 08 කට කඩුලු 2ක් දවාලීය.
කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය - ඕවර 31.3 කදී සියලු දෙනා දැවී 37 යි
(දුෂේන් උඩවෙල 02/5, සෙහඳු සූරියආරච්චි 08/2)
කොළඹ රාජකීය විද්‍යාලය - ඕවර 4.5 කදී කිසිවකු නොදැවී 40 යි
(රෙහාන් පීරිස් නොදැවී 20)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.