Last Update  :  2025-11-04 19:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School කේරි විදුහලට මුල් ඉනිමේ ජයක්
13 න් පහළ ක්‍රිකට්

කේරි විදුහලට මුල් ඉනිමේ ජයක්

editorial - 2025 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 13 න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ තරගයකදී පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය පරාජය කරමින් කොළඹ කේරි විද්‍යාලය මුල් ඉනිමේ ජයක් අත්කර ගත්තේය. මෙම තරගය පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

ඇන්ජලෝ ගාල්ලගේ (37/4) සහ අබ්දුල් අසීස් (16/3) දෙදෙනාගේ පන්දු යැවීම හමුවේ පානදුර ශාන්ත ජෝන් ක්‍රීඩකයෝ මුල් ඉනිමේදී ලකුණු 89 කට දැවී ගියහ. පිළිතුරු ඉනිම ඇරඹූ කේරි විද්‍යාලය වෙනුවෙන් අලංකාර පිතිහරඹයක නිරත වූ කුමිර වොනාල් ලබාගත් අර්ධ ශතකය හේතුවෙන් ඔව්හු පහසුවෙන්ම ශාන්ත ජෝන් ලකුණු සංඛ්‍යාව පසුකර ගියහ. පන්දු 71 කට මුහුණ දුන් කුමිර වොනාල්ගේ ඉනිම හතරේ පහර 8 කින් සමන්විත විය. 

මොහොමඩ් අල්තාෆ් පන්දු 31 කින් ලබාගත් ලකුණු 21 ට හතරේ පහර 5 ක් ඇතුළත් විය. 


පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය - පළමු ඉනිම සියලු දෙනා දැවී 89 යි
(තනූෂ නෙත්සර 19, ලෝචන පෙරේරා 23, ඇන්ජලෝ ගාල්ලගේ 37/4, අබ්දුල් අසීස් 16/3, ලිවිනු මින්යුග 13/2)

කොළඹ කේරි විද්‍යාලය - පළමු ඉනිම සියලු දෙනා දැවී 127 යි
(කුමිර වොනාල් 57, එම්. අල්තාෆ් 21, තත්සර රවීෂ් 32/2, හිරූෂ නෙත්මික 24/2)

පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය - දෙවැනි ඉනිම කඩුලු 2 ට 105 යි
(දිනුත් දින්සර නොදැවී 71)

 


අදහස් (0)

කේරි විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.