Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School කුලරත්න විදුහලට කඩුලු 6 ක ජයක්

කුලරත්න විදුහලට කඩුලු 6 ක ජයක්

editorial - 2022 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

අන්තර් පාසල් වයස 15න් පහළ I වැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ  අම්බලන්ගොඩ ධර්මාශෝක සහ අම්බලන්ගොඩ පී.ද.එස්.කුලරත්න විදුහල් අතර පැවති තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් පී.ද.එස්. කුලරත්න විදුහලට හිමිවිය .

අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගනයේදී පැවැති මේ තරගයේදී ධර්මාශෝක විදුහලේ මානස ද සිල්වා හයේ පහර 5ක් හා හතරේ පහර 29ක් සමගින් පන්දු 78කදී ලකුණු 109ක් රැස් කළද පී.ද.එස්. කුලරත්න විදුහලේ  ලකුණු 65ක් ලබාගත් ජනිඳු චාමික , නොදැවී ලකුණු 51 ක් ලබාගත් නෙතුජ භාෂිත හා නොදැවී ලකුණු 35 ක් ලබාගත් ඕෂධ ටෙහාන් තරගයේ ජය සිය විදුහල වෙත හරවා ගත්හ .

 

ධර්මාශෝක විද්‍යාලය ඕවර 46.2කදි සියලුදෙනාම දැවී 213
(මානස ද සිල්වා 109, අමිල් අගස්ති 29, ඔෂධ ටෙහාන් 25/3, ගිම්හාන නිම්සර 34 /2, සසිඳු කල්හාර 41/2, නෙතුජ භාෂිත 49/2)

පී.ද .එස් .කුලරත්න විද්‍යාලය ඕවර 47.2කදී කඩුලු 4ක් දැවී 217
(ජනිඳු චාමික 65 ,නෙතුජ භාෂිත නොදැවී 51, ඕෂධ ටෙහාන් නොදැවී 35 ,අමිල් අගස්ති 30/2)


අදහස් (0)

කුලරත්න විදුහලට කඩුලු 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.