අන්තර් පාසල් වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ගම්පොල, කුරුඳුවත්ත රාජකීය විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල් ‘සී’ කණ්ඩායම අතර ගම්පොල වික්‍රමබාහු ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ලකුණු 6 ක ජයක් අත්කර ගැනීමට කුරුඳුවත්ත රාජකීය විදුහල සමත් විය.
එහිදී ශාන්ත අන්තෝනි විදුහලේ කෞෂික කුමාරසිංහ (52) අර්ධ ශතකයක් ලබාගත්තද ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.
කුරුඳුවත්ත රාජකීය විදුහල - ඕවර 35.1 කදී සියලු දෙනා දැවී 178
(ලසිත් බණ්ඩාර 24, සස්මික ප්‍රසන්නජීව 21, සංදීප උඩුගමසූරිය 20, රෙසඳු බණ්ඩාර 29/3, මොහොමඩ් බිලාල් 51/2)
ශාන්ත අන්තෝනි විදුහල - ඕවර 45.3 කදී සියලු දෙනා දැවී 172
(කෞෂික කුමාරසිංහ 52, ලසිත් බණ්ඩාර 24/3, සුලෝචන කුමාරසිංහ 19/2, සංදීප උඩුගමසූරිය 33/2)
-036
indika Gampaha Thursday, 20 January 2022 07:37 AM
සුබපැතුම්. කුරුඳුවත්ත කොහෙද තියෙන්නේ...?
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.