Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School කිංග්ස්වුඩ් විදුහල ලකුණු 51 කින් ජයගනී

කිංග්ස්වුඩ් විදුහල ලකුණු 51 කින් ජයගනී

editorial - 2022 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ මහනුවර කිංග්ස්වුඩ් විදුහල සහ කෑගල්ල ශාන්ත මරියා විදුහල අතර කුරුඳුවත්ත මහජන ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 51 ක ජයක් අත්කර ගැනීමට කිංග්ස්වුඩ් විදුහල සමත් විය.

එහිදී කිංග්ස්වුඩ් විදුහලේ නිකේෂල නානායක්කාර (60) අර්ධ ශතකයක් ලබාගනිමින් සහ ලකුණු 20 කට කඩුලු 2 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.  


කිංග්ස්වුඩ් විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 243
(නිකේෂල නානායක්කාර 60, නදීෂ බණ්ඩාරනායක නොදැවී 49, කේ.එස්.ටී. ගමගේ 34, හසිඳු මල්ෂාන් 31/3, ඔකිත් සෞම්‍ය 39/3, ශවින්ද ආනන්ද 40/2)

ශාන්ත මරියා විදුහල - ඕවර 46.3 කදී සියලු දෙනා දැවී 191
(ඉෂාන් කවීෂ නොදැවී 51, චානුක සමුදිත 41, ශවින්ද ආනන්ද 23, විහඟ ලියනගේ 16/2, නිකේෂල නානායක්කාර 20/2, කෙනුල පිහිලියනගේ 28/2)

-036

 


අදහස් (0)

කිංග්ස්වුඩ් විදුහල ලකුණු 51 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.