(ශානුක අරවින්ද)
කොළඹ වෙස්ලි විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල අතර පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති 6 වැනි කාට්මන් කුසලාන වාර්ෂික මහ ක්‍රිකට් තරගය සෙනසුරාදා (21) ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. එහිදී පළමු ඉනිමේ ජයක් ලැබූ වෙස්ලි විදුහල මෙවර තරගයේ වැඩි ගෞරව දිනාගත්තේය.
තරගය නිමාවට පත්වන විට පන්දුවට පහර දෙමින් සිටි ශාන්ත බෙනඩික්ට් විදුහල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 172 ක් ලබා වෙස්ලි විදුහලට වඩා ලකුණු 207 ක් ඉදිරියෙන් සිටියේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ මිහිල ජයවීර හතරේ පහර 10 ක් සමග ලකුණු 75 ක් රැස්කිරීමට සමත් විය.
පළමු දිනය වූ සිකුරාදා (20) ක්‍රීඩාව නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 84 ක් ලබා සිටි වෙස්ලි ක්‍රීඩකයෝ, දෙවැනි දිනයේදී තවත් කඩුලු 6 ක් දැවි සිය පළමු ඉනිමට ලකුණු 173 ක් එක්කර ගත්හ. එහිදී ආරම්භක පිතිකරු ජොනතන් ප්‍රනාන්දු (76) සහ නායක රෂ්මික අමරරත්න (67) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.
වෙස්ලි ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 77 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඔවුන් සමත් වූ අතර ජොනතන්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 9 කින්ද, රෂ්මිකගේ අර්ධ ශතකය හතරේ පහර 5 කින්ද සමන්විත විය. බෙනඩික්ට් විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ මානික්‍ය දේශප්‍රිය ලකුණු 58 කට කඩුලු 4 ක්ද, නායක මෙවන් දිසානායක ලකුණු 91 කට කඩුලු 3 ක්ද දවාගත්හ.
ශාන්ත බෙනඩික්ට් විදුහල් පළමු ඉනිම - ඕවර 63.2 කදී සියලු දෙනා දැවී 222
(මාරියෝ ප්‍රනාන්දු 88, ටෙහාන් බිටාර් 55, මිහිල ජයවීර 30, දිනුජ සමරරත්න 63/6, මෙත්නුල මායාදුන්නේ 32/2)
වෙස්ලි විදුහල් පළමු ඉනිම - ඕවර 65 කදී කඩුලු 8 ක් දැවී 257
(ජොනතන් ප්‍රනාන්දු 76, රෂීඩ් නායන් 23, රෂ්මික අමරරත්න 67, මෙත්නුල මායාදුන්නේ 22, මානික්‍ය දේශප්‍රිය 58/4, මෙවන් දිසානායක 91/3)
ශාන්ත බෙනඩික්ට් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 64 කදී කඩුලු 6 ක් දැවී 172
(ටෙහාන් බිටාර් 46, මිහිල ජයවීර 75, ශ්‍රීරාම් ජීවන් 26/2, දිනූජ සමරරත්න 55/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.