Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් විද්‍යාලය සහ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය අතර වන 20 වැනි වරටත් පැවැත්වෙන ‘ඌව රන් සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 23 සහ 24 දිනයන්හි සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
මෙම ක්‍රිකට් තරගය 1967 වසරේදී ඇරඹුණු අතර විවිධ හේතු නිසා තරග රාශියක් පැවැත්වීමට නොහැකි වී ඇත. බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් විද්‍යාලය සහ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය ජයග්‍රහණ 3ක් සමගින් මේ වන විට සම තත්ත්වයේ පසුවෙයි. පැවැති අනෙක් තරග සියල්ල ජය පරාජයෙන් තොරව අවසන්වී ඇත.
නිමාවූ පසුගිය පාසල් ක්‍රිකට් තරගවාරයේදී බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය වයස අවුරුදු 19න් පහළ තෙවැනි කොටස ඒ් තලයෙන් තරගාවලියට එක්වූ අතර, බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් විද්‍යාලය තෙවැනි කොටසේ ‘බී‘ තලයෙන් තරගාවලියට එක්විය.
මෙම වාර්ෂික මහා ක්‍රිකට් තරගයේදී තරුෂ නිර්මාල් බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් විද්‍යාල පිල මෙහෙයවනු ලබන අතර, ගිම්හාන් කේෂර වීරසිංහ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාල පිල මෙහෙයවයි.
බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් විද්‍යාල සංචිතය
තරුෂ නිර්මාල් (නායක), තරිඳු ක්‍රිෂාන් (උප නායක), සරිත් මාලින්ද, සචින් දිලංක, විභූති රුවන්, තිවංක තේජාන්, දිනිදු හසරංග, තීක්ෂණ ප්‍රමෝද්‍ය, ඉෂාන් කවිෂ්ක, චමිඳු තේජිත, තුසිත විශ්වජිත්, චලන රන්දුන්න, බුද්ධි ඩිල්ෂාන්, කවීෂ අයනිජ, රවිනු හසාර, අංජන මිහිරංග, තනූෂ නිම්සර
එස්.එම්.බී. චාමර මහතා (පුහුණුකරු), නාලන්ද ගනේගොඩ මහතා (පුහුණුකරු), ආර්.බී.ඩී.ඒ. සුමතිපාල මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), පී.එම්.එස්. පලිහකෝන් මහතා (විදුහල්පති)
බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාල සංචිතය:
ගිම්හාන් වීරසිංහ (නායක), රූසර තම්මිට (උප නායක), ඉසර රණසිංහ, ලිසඳු විජේසුන්දර, මිනුද රත්නායක, ජනිත විජේසුන්දර, හරිත රත්නවීර, චතුම් විජේසුන්දර, අරිත නිම්නාල්, දෙසඳු ද සිල්වා, බංචන මාරසිංහ, ඔෂධ ලංකේෂ්, සිතුම් ඒ්කනායක, මල්ෂ කෝනාර, යෙනුර නදීෂාන්, උදිත විජේසුන්දර, ඔසඳ ලියනගේ.
මල්ෂාන් රත්නායක මහතා (ප්‍රධාන පුහුණුකරු), ටී. සජීවනාත් මහතා (සහාය පුහුණුකරු), අමිත් චතුරංග යාපා මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), ආර්.එම්. ශාන්ත බණ්ඩාර මහතා (ක්‍රීඩා පරිපාලක), විශාකා රාජපක්ෂ මහත්මිය (විදුහල්පතිනිය)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.