Last Update  :  2026-04-02 17:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School 15 වැනි රන්මිණි සටන 3 - 4 සීවලී ක්‍රීඩාංගණයේදී
මහ ක්‍රිකට් තරග - 2026

15 වැනි රන්මිණි සටන 3 - 4 සීවලී ක්‍රීඩාංගණයේදී

editorial - 2026 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(අජිත්ලාල් ශාන්තඋදය)

රත්නපුර හිදැල්ලන, සීවලී මධ්‍ය විද්‍යාලය සහ පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලය අතර 15 වැනි  වටත් පැවැත්වෙන ‘රන්මිණි සටන‘ මහා ක්‍රිකට් තරගය මේ මස 3සහ 4 දෙදින රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සීවලී කණ්ඩායමට නායකත්වය දෙන්නේ උත්සර රණතුංගය. ලසිරු පතිරණ, චාමික ගුණතිස්ස, සනූජ දෙල්ගහගොඩ, දිනූජ දේශප්‍රිය, සරත් රූපසිංහ, විනුදු අමරසිංහ, තේජක එපිටවල, හරිත ජයසූරිය, තිසර ජයතිස්ස, ගෙනුර කුරුකුලසිංහ, නිදුක ප්‍රේමරත්න, දුමිදු මනන්නලාගේ, තිනෙත් ජයවර්ධන, හිරුෂ වීරකෝන්, ආයුක මූණමල්පේ සහ සචිරු මුදියන්සේ සෙසු ක්‍රීකයින්ය.

ගන්කන්ද කණ්ඩායමට නායකත්වය දෙන්නේ නිර්මාල් රශ්මිකය. එස්.ඒ. රවිදු සුරවීර, කේ.බී.එන්.ආදීශ් අමන්ත, ඩබ්.ඒ.විදුශාන් අනුහස්, ආර්.ඒ.එම්. සවින නිම්තර, පී.කේ. ඔනෙෂ් බිහනගේ, ජී. ශන්ක ලක්ෂ්මන්, අයි.ඩී. චමත් ඉද්දමල්ගොඩ, ඩබ්.කේ.ලසිත් ගිම්හාන සෙසු ක්‍රීඩකයින්ය.

“රන්මිණි සටන”රත්නපුරේ මහ ක්‍රිකට් ගැටුම සම්බන්ධයෙන් සීවලී මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති කපිතාන් නීල් ධම්මික වතුකාරවත්ත මහතා පැවසුවේ 2010 දී පටන්ගෙන ගෙවුනු තරග සියල්ලම ආදර්ශව පැවැත්වුවා සේ මේ තරගය කවුරු ජය ගතතත් සාමය හා විනය රැකෙන පරිදි කටයුතු කිරිමට සියලු දෙනාගේ සහාය අවශ්‍ය බවයි. කොරොනා වසංගත කාලයේ අවුරුදු දෙකක් තරගය නොපැවැත්විණි.

ගන්කන්ද මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිනී ශානිකා සේනාරත්න මහත්මිය පැවසුවේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන එෂාන් මාලිංග පැමිණියේ ගන්කන්ද මහා විද්‍යාලයෙන් බවයි. ජාතික කණ්ඩායම නියෝජනය කිරිමට සුදුසුකම් ඇති තවත් එක් ක්‍රීඩකයක් හෝ  බිහිකිරීමට දස්කම් දක්වන්නැයි ඇය ඉල්ලා සිටියාය.

 

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලය

 

පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලය


අදහස් (0)

15 වැනි රන්මිණි සටන 3 - 4 සීවලී ක්‍රීඩාංගණයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.