අන්තර් පාසල් වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආනන්ද විදුහල් ‘බී’ කණ්ඩායම සහ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල් ‘බී’ කණ්ඩායම අතර ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 70 ක ජයක් අත්කර ගැනීමට ආනන්ද විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.
එහිදී ආනන්ද විදුහල් ‘බී’ කණ්ඩායමේ කිත්ම සිත්මල් (72) අර්ධ ශතකයක් ලබාගත් අතර මිනඟ පෙරේරා ලකුණු 12 කට කඩුලු 4 ක් දවාගත්තේය.
ආනන්ද විදුහල් ‘බී’ කණ්ඩායම - ඕවර 44.1 කදී සියලු දෙනා දැවී 174
(කිත්ම සිත්මල් 72, දසිත් බටුගහගේ 28, සෙනේෂ් සෝලංගආරච්චි 16/3, සෙනෝද් සොයිසා 22/3)
ශාන්ත ජෝෂප් විදුහල් ‘බී’ කණ්ඩායම - ඕවර 28.4 කදී සියලු දෙනා දැවී 104
(අවීෂ සමාෂ් 25, සෙනුජ බින්හස් 21, මිනඟ පෙරේරා 12/4, හිමාෂු කුලතිලක 24/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.