(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේදී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට එරෙහිව නොදැවී ලකුණු 151 ක් රැස් කිරීමට බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ සවි ප්‍රනාන්දු සමත්විය.
බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
සවි ප්‍රනාන්දු පන්දු 177 කදී හතරේ පහර 18 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 151 ක් රැස් කළේය.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය - පළමු ඉනිම 130 යි
(නෙතුජ භාසිත 43, බෙවින් ජයවර්ධන 38, සදීෂ සිල්වා 45/4, සදීෂ කාරියවසම් 13/3, දින්සර රත්නවීර 37/3)
බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 3 ට 280 යි
(සවි ප්‍රනාන්දු නොදැවී 151, ශවිදු සිල්වා 77, හිරුක සිල්වා 24, ටෙනූෂ නිම්සර 68/2)
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය - දෙවැනි ඉනිම 260 යි
(ටෙනූෂ නිම්සර 62, බෙවින් ජයවර්ධන 55, රිසිනු රූපසිංහ 37, නෙතුජ භාෂිත නොදැවී 31, මිනග ආරියදාස 21, ජනිත් පණ්ඩිතරත්න 54/4, සදීෂ සිල්වා 65/3, දින්සර රත්නවීර 80/3)

සවි ප්‍රනාන්දු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.