Last Update  :  2025-05-09 11:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශුරයන්ගේ සටන 8 – 9 - 10 ගාල්ලේදී
රත්ගම දේවපතිරාජ - පී.ද.එස්.කුලරත්න

ශුරයන්ගේ සටන 8 – 9 - 10 ගාල්ලේදී

editorial - 2025 මැයි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ අම්බලන්ගොඩ පී.ද.එස්.කුලරත්න විද්‍යාලය අතර  ශුරයන්ගේ සටන වාර්ෂික  මහා ක්‍රිකට් තරගය මැයි මස 8, 9 සහ10 තෙදින  ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දේවපතිරාජ විද්‍යාලයේ සත්කාරකත්වයෙන්  පැවැත්වෙන ශූරයන්ගේ සටන මහා ක්‍රිකට්  තරගය මෙවර සංවිධානය කෙරෙනුයේ සිව් වැනි වරටය.

ගෙවී ගිය ශූරයන්ගේ සටන මහා ක්‍රිකට් තරග තුනම දෙදින තරග ලෙස පැවැත්වූ අතර එම තරග තුනම ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය. එහෙත් මෙවර තරගය තෙදින තරගයක්වීම නිසාම ශූරයන්ගේ සටනේ  මංගල  ජය බොහෝවිට මේ දෙවිදුහලෙන් එක විදුහලකට අත්වනු ඇතැයි දෙවිදුහලේම ක්‍රිකට් ක්‍රීඩකයෝ දැඩි විශ්වාසයෙන් දෑස් දල්වාගෙන බලා සිටිති.

ඒ කෙසේවෙතත් සිව් වැනි  ශුරයන්ගේ සටන  ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ  තෙදිනක් පැවැත්වීම මේ දෙවිදුහලටම නවමු අත්දැකීමක් වනු නොඅනුමානය. දෙවිදුහලම මින් පෙර කවදාවත්ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තෙදින වාර්ෂික  තරගයකට සහභාගී වී නැත. 

ශූරයන්ගේ සටන මහා ක්‍රිකට් තරගයේ   පී.ද.එස්. විදුහල් කණ්ඩායම සසිදු කෞෂාන් විසින්  මෙහෙයවනු ලබන අතර දේවපතිරාජ විදුහල් කණ්ඩායම  මතීෂ සාරංග විසින් මෙහෙයවනු ලබයි.

ක්‍රිකට් ක්‍රීඩාවට සැලකිය යුතු ඉතිහාසයක් ඇති දේවපතිරාජ විදුහල අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසින් තරග වදින අතර  දශක දෙකක පමණ ක්‍රිකට් ඉතිහාසයක් ඇති පී.ද.එස්.කුලරත්න විදයාලය කඩඉම් කිහිපයක්ම පසු කරමින් දෙවන කොටස දක්වා උසස්වීම් ලබා එම කොටසින් තරග වදියි.

 

පී.ද.එස්.කුලරත්න විදුහල් කණ්ඩායම:-
සසිදු කෞෂාන් (නායක),ජනිදු චාමික,උදාර සදරුවන්,හසරු පබෝද,භානු අනුත්තර,බිහදු සන්දිලු,චතුක හිරෝෂිම,මනූෂ විරාජ්,ලත්මින් ලෙසත්,අදීශ ඉන්දීර,ගිම්හාන හිම්සර,ඉනුක දුලාංජය,ධම්මික අකලංක,ආර්.කේ.යසිරු,කවීෂ ගයාෂාන් එනුක ඔනදිත්,කවීෂ මධුෂාන්,ලකිදු තිහන්ස

 

දේවපතිරාජ විදුහල් කණ්ඩායම:-
මතීෂ සාරංග(නායක),දර්ශන සංදීප(උප නායක),චමිදු පද්මික,ගිම්හාන් රසංජන,පුලිත් වත්සුක,අරෝෂ සිතුමින,යසිරු ලක්ෂාන්,සදරු මල්ෂාන්,පිංසර දුතන්ත,ඔෂේන් කල්හාර,විහඟ ඉදුසර,දියත් සංජිත,අදීෂ ගෞතම්,හර්ෂ මධුසංක,ලිනුවර සත්විදු,නෙතූෂ නිර්මාල්,නිකේෂ ලසිදු


අදහස් (0)

ශුරයන්ගේ සටන 8 – 9 - 10 ගාල්ලේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.