අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ මහනුවර විද්‍යාර්ථ විදුහල සහ කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල අතර මහනුවර ධර්මරාජ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් ලකුණු 148 ක ජයක් අත්කර ගැනීමට විද්‍යාර්ථ විදුහල සමත් විය.

එහිදී විද්‍යාර්ථ විදුහලේ දිල්මික ප්‍රමොද් (64) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම ආදිත්‍ය බණ්ඩාර ලකුණු 21 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
විද්‍යාර්ථ විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 247
(දිල්මික ප්‍රමෝද් 64, රනෙත් කුමුදිත 32, ශාමල් ප්‍රියභාෂන 32, කවිෂ්ක හපුගොඩ 21, හසිඳු පියුමාල් 59/4, පහන් ෂේනුක 34/3, රුසිරු රන්ඳුනු 62/2)
ධර්මාලෝක විදුහල - ඕවර 28.4 කදී සියලු දෙනා දැවී 99
(සනුර රුවන්ත 44, කවිෂ්ක මල්ෂාන් 20, ආදිත්‍ය බණ්ඩාර 21/5, රවිඳු සංකල්ප 16/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.