(කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත සහ බලපිටිය එස්.ඒ.වයි ද සිල්වා)
බලපිටිය රේවත විදයාලය සහ බලපිටිය සිද්ධාර්ථ විදයාලය අතර පැවැති 37 වැනි වීර සටන වාර්ෂික ක්‍රිකට් තරගයේදී රේවත විදයාලය සිය 15 වැනි ජය වාර්තා කළේය. බලපිටිය ගුරු විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී රේවත විදයාලය විසින් සිද්ධාර්ථ විදයාලය කඩලු 9 කින් පරාජය කරන ලදි.
තුන් ඉරියව්වේම දස්කම් දැක්වූ ජැක් ශාඛ්‍ය සහ කවීෂ සංදීප රේවත විදයාලයේ ජයග්‍රාහණයේ නියමුවෝ වූහ.
ජැක් ශාඛ්‍ය පළමු ඉනිමේදී ලකුණු 76ක් ලබාගත් අතර ලකුණු 44 කට කඩලු 3ක් බිද හෙළීය. කවීෂ සංදීප ඉනිම දෙකේදීම ලකුණු 71 කට සිද්ධාර්ථ විදයාලයේ කඩලු 10 ක් බිඳ හෙළමින් තම විද්‍යාලය වෙනුවෙන් ලකුණු 27ක් ලබා ගත්තේය.
පළමුව පන්දුවට පහර දුන් සිද්ධාර්ථ විදයාලය සියලුම දෙනා දැවී ලකුණු 149ක් ලබා ගත්තේය.එහිදී සිද්ධාර්ථ විදයාලය වෙනුවෙන් චමිදු ඉසාක 45ක් සහ කවිනු පෙරේරා 38ක් ලකුණු ලබා ගත්හ. රේවත විදයාලය වෙනුවෙන් පන්දු යවමින් ජැක් ශාකය ලකුණු 44 කට කඩලු 3 ක්ද ,දිනූෂ සත්සර ලකුණු 8කට කඩලු 2ක්ද ,යතීෂ කවීෂ් 25 ලකුණු කඩලු 2ක් ද කවීෂ සන්ශික ලකුණු 36කට කඩලු 2 ක්ද ලබා ගත්හ.
පළමු ඉනිම ක්‍රියාත්මක කිරීමට පිටියට ගිය රේවත විදයාලය පළමු ඉනිම ඕවර 46.2 කදී සියලුදෙනාම 278 දැවී ලබා ගත්තේය.එහිදී දක්ෂ පිතිකරණයේ යෙදුණු රේවත විදයාලයේ ජැක් ශාකය ලකුණු 76ක් සහ යසිරු නිම්සර 42 ක් කලන චමෝද 32ක් ලබා ගත්තෝය.පන්දු යවමින් සිද්ධාර්ථ විදයාලයේ තරිදු සෙව්මින ලකුණු 51කට කඩලු 4 ක් ද, උදාර සම්පත් ලකුණු 63 කට කඩලු 3 ක් ලබා ගත්හ.
පළමු ඉනිමේ රේවත විදයාලයෙන් ලැබුණු ලකුණු 129ක අභියෝගයක් අතැතිව දෙවැනි ඉනිම ක්‍රියාත්මක කිරීමට පිටියට ගිය සිද්ධාර්ථ විදයාලයට ඕවර 45.1කදි සියලුදෙනාම දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 170ක් පමණි.වතික සුපේෂල දක්ෂ ලෙස පන්දුවට පහර දෙමින් ලකුණු 49ක් ලබා ගත්තේය.දක්ෂ පන්දු යැවීමක නිරතවූ රේවත විදයාලයේ කවීෂ සංදීප ලකුණු 35කට කඩලු 8ක් දවා ගත්තේය.
රේවත විදයාලයට ජයග්‍රාහණය සඳහා දෙවැනි ඉනිමට ලකුණු 42ක් අවශ්‍යව තිබූ අතර එය එක් කඩුල්ලක් දැවී ඕවර 6..2කදී ලකුණු 45ක් ගනිමින් එය ඉටුකර ගත්තේය.එහිදී අමීෂ ද සිල්වා 26ක් ලබා ගත්තේය.
සිද්ධාර්ථ විද්යාලය පළමු ඉනිම - සියලු දෙනා දැවී 149 යි
(චමිදු ඉෂාක 45,කවිනු පෙරේරා 38, ජැක් ශඛ්‍ය 44/3, දිනූෂ සත්සර 08/2,යතීෂ කවීෂ් 25/2,කවීෂ සන්දීප 36/2,)
රේවත විද්යාලය - පළමු ඉනිම සියලුදෙනාම දැවී 278
(ජැක් ශාඛ්‍ය 76, කලන චමෝද් 32, යසිරු නිම්සර 42 ,දසුන් සත්සර 32 , කවීෂ සංදීප 27, උදාර සම්පත් 63/3., තරිඳු සෙව්මිණ 51/4, නිරෝෂ් නිම්සර 47/2,)
සිද්ධාර්ථ විද්යාලය දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී170 යි
(වතික සුපේෂල 49,ඩිල්ෂාන් මිහිරංග 26,, නදිජ නිම්සර 25, කවීෂ සංදීප 35/8,)
රේවත විද්යාලය දෙවැනි ඉනිම - ඕවර 6.2 කදී එක් කඩුල්ලක් දැවී 45 යි
අමීෂ ද සිල්වා 26)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.