Last Update  :  2026-02-03 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School තර්ස්ටන් - ශාන්ත අන්තෝනි සම ශූරයෝ

තර්ස්ටන් - ශාන්ත අන්තෝනි සම ශූරයෝ

editorial - 2026 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ  වයස අවුරුදු 13න් පහළ පළමු කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වීම හේතුවෙන් කොළඹ තර්ස්ටන් සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල් වලට මෙම තරගාවලියේ සම ශූරතාව පිරිනමන ලදි. 

අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය  නියමිත ඕවර 50 තුලදී කඩුලු 6 ක් පමණක් දැවී ලකුණු 176 ක් රැස් කළ කළේය. නායක සන්දිල් සෙනවිරත්න පන්දු 133 කදී හතරේ පහර 7ක් සමගින් ලකුණු 94ක් රැස් කළේය. යසිරු සංචල ලකුණු 29කට කඩුලු 4ක් දවා ගත්තේය.

කොළඹ තර්ස්ටන් විද්‍යාලය තරගය නිමාවන විට තම පළමු ඉනිම වෙනුවෙන් ඕවර 42 කදී කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 175 ක් රැස් කළේය. තර්ස්ටන් ඉනිම ගොඩනැංවීමට දායක වූ නායක දිදුල සමරසිංහ පන්දු 94 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 67 ක් රැස් කළ අතර ආයුෂ් විජයසිංහ නොදැවී ලකුණු 47 ක් රැස් කළේය. 


කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය - පළමු ඉනිම ඕවර 50 කදී කඩුලු 6 ට 176 යි
(සන්දිල් සෙනෙවිරත්න 94, යසිරු සංචල 29/4) 

කොළඹ තර්ස්ටන් විද්‍යාලය - පළමු ඉනිම ඕවර 42 කදී කඩුලු 4 ට 175 යි
(දිදුල සමරසිංහ 67, ආයුෂ් විජයසිංහ 47, හිරුක අබේරත්න 27/2,  සන්දිල් සෙනෙවිරත්න 33/2)


අදහස් (0)

තර්ස්ටන් - ශාන්ත අන්තෝනි සම ශූරයෝ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.