Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වටයට සුදුසුකම් ලැබීමට ගාල්ල මහින්ද විද්‍යාලය සමත්විය.
ගාල්ල මහින්ද විදුහල් ක්‍රිඩාංගණයේ පැවැති මෙම තරගයේදී ගාල්ල මහින්ද විද්‍යාලය විසින් ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය පරදවා පළමු ඉනිමේ ජයක් අත්කර ගන්නා ලදි.
ගාල්ල මහින්ද විද්‍යාල පිල වෙනුවෙන් ගෙසඳු බිසස් පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 20කට කඩුලු 5ක් දවාලූ අතර, සෙනුජ වෙහාන් සහ අනුග පල්ලියගුරු පිත්තෙන් දස්කම් දක්වමින් අර්ධ ශතක රැස් කළහ.
ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය: පළමු ඉනිම - 101 (පන්දුවාර 41.3)
(තේනුක උදාන් 26, යෙනුල් නෙත්සුක 24, ගෙසඳු බිසස් 20/5, යසස් පුන්සිසි 5/2, කෙවින් ගීමිත 23/2)
ගාල්ල මහින්ද විද්‍යාලය: පළමු ඉනිම - 186/5 (පන්දුවාර 50)
(සෙනුජ වෙහාන් 86, අනුග පල්ලියගුරු නොදැවී 51, යෙනුල් නෙත්සුක 37/2, තේනුක උදාන් 43/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.