Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවේ සෑන් ෆ්‍රැන්සිස්කෝ නුවරදී ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියට හෝ ලෝක ශූරතා සත් සාමාජික ආසියානු රග්බි තරගාවලියට හෝ සුදුසුකම් ලැබීමේ අවස්ථාව මේ වන විටත් ශ්‍රී ලංකා පිල වෙතින් ගිළිහී ගොස් තිබේ. එසේ වුවත් මේ මස 14 සහ 15 දෙදින කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියරට ශ්‍රී ලංකාව සහභාගි වන්නේ ආසියාවේ ඉදිරිපෙළ රග්බි කණ්ඩායම් හතරට එක්වීමේ බලාපොරොත්තු සහගතවය.
ලබන වසරේදී සෑන් ෆ්‍රැන්සිස්කෝ නුවරට යාමට ගුවන් ප්‍රවේශපත් වෙන්කර ගැනීමේ තරගය දැන් ඇත්තේ ජපානය, හොංකොං සහ දකුණු කොරියානු කණ්ඩායම් අතරය. පෙනෙන හැටියට නම් ආසියාවේ සත් සාමාජික රග්බි බලවතා වන ජපානය දැනටමත් මෙම අවස්ථාව හිමිකරගෙන සිටි. එබැවින් කොළඹ තරගාවලියේදී ලෝක කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියට ආසියාවෙන් සුදුසුකම් ලබන ඉතිරි රට බවට පත්වීමේ සටන ඇත්තේ හොංකොං සහ දකුණු කොරියාව අතරය.
පළපුරුදු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක්ම විවිධ ආබාධවලට ලක්වීම නිසා මෙවර ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකා පිලෙන් අපේක්‍ෂිත දස්කම් දැකගැනීමට නොහැකි විය. හොංකොං නුවර පැවැති පළමු අදියරේදී සහ දකුණු කොරියාවේ පැවැති දෙවැනි අදියරේදී ශ්‍රී ලංකාවට පස්වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවී තිබිණි. එසේවුවත් සිය මව්බිමේදී තමන්ගේම ක්‍රීඩා ලෝලීන් හමුවේ අභිමානයෙන් යුතුව තරග වදිමින් සමස්ත තරගමාලාවේදීම සිවුවැනි තැන ලබාගැනීම ශ්‍රී ලංකාව හමුවේ ඇති අභියෝගය බවට පත්ව තිබේ.
කොළඹ තරගාවලියේදී ජපානය සහ හොංකොං පිල එකම කාණ්ඩයකට ඇතුළත්වී සිටින බැවින් කුසලාන වටයේ අර්ධ අවසන් පූර්ව තරගය තෙක්ම ශ්‍රී ලංකාවට ඔවුන් හා තරග කිරීමට සිදුනොවේ. එසේ වුවත් අර්ධ අවසන් පූර්ව වටයේදී සිය අභිමානය රැක ගැනීමටත්, අවසන් කණ්ඩායම් හතරට එක්වීමටත් ශ්‍රී ලංකාවට මෙවර අර්ධ අවසන් පූර්ව තරගයේදී මනා කැපවීමකින් සහ සැලසුම් සහගතව තරග වැදීමට සිදුවී තිබේ.
මේ අතර පසුගිය කාලය තුළ ආසියානු සත් සාමාජික රග්බි පිටියේ පස්වැනි හා හයවැනි ස්ථාන අතරේ දෝලනය වූ ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම දකුණු කොරියාවේ පැවැති තරගාවලියේදී පස්වැනි තැන අත්කර ගත්තේය. ඒ අනුව කොළඹ තරගාවලියේදී ඔවුන්ගේ අභිප්‍රාය වී ඇත්තේ පිරිමි කණ්ඩායමට සමගාමීව සමස්ත තරගාවලියේ සිවුවැනි තැනට පත්වීමයි.
ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් දෙකම එකම අරමුණකින් තරග වදින කොළඹ තරගාවලිය ශ්‍රී ලංකාවේ සත් සාමාජික රග්බි ක්‍රීඩාවට ආසියාවේ හිමිවන ස්ථානය දැකගැනීමට ලැබී ඇති කදිම අවස්ථාවකි. එය තහවුරු කිරීමට සුදර්ශන මුතුතන්ත්‍රිගේ නායකත්වයෙන් සහ පීටර් වුඞ්ස්ගේ පුහුණුකාරීත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිරිමි රග්බි කණ්ඩායමත්, රන්දිකා කුමුදුමලීගේ නායකත්වයෙන් සහ සුදත් සම්පත්ගේ පුහුණුකාරිත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමත් සැදී පැහැදී බලා සිටිති.
කොළඹ තරගාවලිය සඳහා වන පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකම ලබන සතියේදී නම් කිරීමට නියමිතය.
පිරිමිි තරගාවලිය කාණ්ඩ ගතකිරීම
ඒ කාණ්ඩය - ජපානය, හොංකොං, මැලේසියාව, පිලිපීනය
බී කාණ්ඩය - ශ්‍රී ලංකාව, දකුණු කොරියාව, චීනය, චීන තායිපේ
කාන්තා තරගාවලිය කාණ්ඩ ගතකිරීම
සී කාණ්ඩය - ජපානය, හොංකොං, ශ්‍රී ලංකාව, දකුණු කොරියාව
ඩී කාණ්ඩය - චීනය, කසකස්තානය, තායිලන්තය, සිංගප්පූරුව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.