Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ මූලික වටයේ තරගයකදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 39-17 ක ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට යුද හමුදාව අද (26 වැනිදා) සමත් විය.
කොරෝනා වසංගතය සහ රට තුළ පැවැති ආර්ථික අර්බුදය හේතුවෙන් 2020 වසරේ සිය 2022 වසර දක්වා මෙම තරගාවලිය නොපැවැත්වුණ අතර අවසන් වරට 2019 වසරේදී පැවැති තරගාවලියේ ශූරතාව දිනාගනු ලැබුවේ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය විසිනි.
ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 12-07 ක් ලෙස යුද හමුදාව පෙරමුණ ගත්තේය. දෙවැනි අර්ධයේදී යුද හමුදාව ලකුණු 27 ක් රැස්කරමින් තරගයේ ජය තහවුරු කරගනිද්දී, හැව්ලොක්ස් කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි.
පළමු අර්ධයේදී ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් සමග ලකුණු රැස්කළ යුද හමුදා ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කළහ. පළමු අර්ධයේදී ගෝල දිනුමක් මගින් ලකුණු ලබාගත් හැව්ලොක්ස් කණ්ඩායම, දෙවැනි අර්ධයේදී ලකුණු ලබාගත්තේ උත්සාහක දිනුම් 2 ක් මගිනි.
තිරුෂ අධිකාරම් 8 වැනි විනාඩියේදීද, අෂාන් බණ්ඩාර 30 වැනි විනාඩියේදීද, නාලන් ප්‍රේමරත්න 41 වැනි විනාඩියේදීද, සුදාරක දික්කඹුර 42 වැනි විනාඩියේදීද, චතුරංග දිල්ෂාන් 67 වැනි විනාඩියේදීද, මොහොමඩ් රිෆාන් 75 වැනි විනාඩියේදීද යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත්හ. ඉන් ප්‍රවර්ථන 2 ක් චමත් ප්‍රනාන්දු විසින්ද, එක් ප්‍රවර්ථනයක් අෂාන් බණ්ඩාර විසින්ද, යුද හමුදාවට හිමිවූ දඬුවම් පහරක් චතුරංග දිල්ෂාන් විසින්ද සාර්ථක කරගනු ලැබිණ.
හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් රමේෂ් ප්‍රනාන්දු 5 වැනි විනාඩියේදීද, රැන්ඩි සිල්වා 50 වැනි විනාඩියේදීද, ෆාර්තම් ෆාසි 61 වැනි විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගත්හ. ඉන් එක් උත්සාහක දිනුමක ප්‍රවර්ථනයක් සාර්ථක කරගැනීමට ජනිත් චන්දිමාල් සමත් විය.
මෙම තරගයේදී හැව්ලොක්ස් කණ්ඩායමේ ජනිත් චන්දිමාල් (11වැනි විනාඩියේදී), චානක චන්දිමාල් (63 වැනි විනාඩියේදී), රමේෂ් ප්‍රනාන්දු (65 වැනි විනාඩියේදී) විනිසුරුගේ දැඩි අවවාද සමග කහ පැහැති කාඩ්පත් ලැබූහ.
(ඡායාරූප - කුෂාන් පතිරාජ)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.