Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby හැව්ලොක්ස්ට එරෙහිව සී.ආර්. පිලට තියුණු ජයක්
රග්බි ලීගය

හැව්ලොක්ස්ට එරෙහිව සී.ආර්. පිලට තියුණු ජයක්

editorial - 2023 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ අටවැනි සතිය යටතේ ඊයේ (5 වැනිදා) ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 17-14 ක තියුණු ජයක් වාර්තා කිරීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය.

තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 10-08 ක් ලෙස සී.ආර්. කණ්ඩායම පෙරමුණේ පසුවිය. දෙවැනි අර්ධය තුළ සී.ආර්. කණ්ඩායම ලකුණු 7 ක් ලබාගනිද්දී, හැව්ලොක්ස් කණ්ඩායමට ලකුණු 6 ක් ලබාගත්තේය. කෙසේ වුවත් පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව තරගයේ ජය සී.ආර්. කණ්ඩායම සතු විය.

පළමු අර්ධයේදී ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් සමග ලකුණු ලබාගත් සී.ආර්. ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක් මගින් ලකුණු රැස්කළහ. පළමු අර්ධයේදී උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සමග ලකුණු ලබාගත් හැව්ලොක්ස් ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී ලකුණු ලබාගත්තේ දඬුවම් පහර 2 ක් මගිනි.  

(ඡායාරූප - කුෂාන් පතිරාජ)


අදහස් (0)

හැව්ලොක්ස්ට එරෙහිව සී.ආර්. පිලට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.