අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ හැව්ලොක්ස් පිල සහ යුද හමුදා පිල අතර දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී අද (09) පැවැති කුසලාන ශූරතා වටයේ තරගයෙන් හැව්ලොක්ස් පිල ලකුණු 27-19 ක් ජයක් ලැබීමට සමත් විය.
ජයග‍්‍රාහි හැව්ලොක්ස් පිල ගෝල 2 කින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබූ අතර යුද හමුදා පිලට ගෝල 2 කින් සහ උත්සාහක දිනුමකින් ලකුණු එකතු විය.
පළමු අර්ධය අවසන් වන විට යුද හමුදා පිල ලකුණු 12-10 ක් ලෙස පෙරමුණේ පසු වුවද සදුන් හේරත් සහ ධනුෂ්ක රංජන් උත්සාහක දිනුම් සම්පූර්ණ කරමින් හැව්ලොක්ස් පිල ඉදිරියට ගෙන ඒමට සමත් වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.