Last Update  :  2025-12-05 13:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby හැව්ලොක් පිලට 21-19 ක තියුණු ජයක්

හැව්ලොක් පිලට 21-19 ක තියුණු ජයක්

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරගයකදී හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ ලකුණු 21-19 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ. මෙම තරගය කොළඹ හැව්ලොක් පිටියේදී ඊයේ (25) පස්වරුවේ විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්විණ.

ජයග‍්‍රාහි හැව්ලොක් පිල ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 3 කින් ලකුණු රැස් කළේය. සී. ආර්. පිලට උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහර 3 කින් ලකුණු එකතු විය.

පළමු අර්ධය අවසන් වන විට හැව්ලොක් පිල ලකුණු 6-3 ක් ලෙස පෙරමුණේ සිටිය ද සී. ආර්. පිල දෙවැනි අර්ධයේදී පෙරමුණට පැමිණියේය.

සී. ආර්. පිල ලකුණු 19-18 ක් ලෙස පෙරමුණේ සිටියද, තරගය අවසන් වීමට ආසන්නව තිබියදී දුලාජ් පෙරේරා දඩුවම් පහරක් සාර්ථක කිරීම නිසා හැව්ලොක් පිලට ජය හිමිවිය.

048


අදහස් (0)

හැව්ලොක් පිලට 21-19 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.