Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.ආර්. පිල වාසනාව උරගා බලයි
ලීග් රග්බි තරගාවලිය

සී.ආර්. පිල වාසනාව උරගා බලයි

editorial - 2023 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2023 අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගය නිමා වීමට තවත් සති දෙකක් පමණක් ඉතිරිව තිබියදී කුසලාන ශූරතාව සඳහා වන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට අපරාජිත මහනුවර ක්‍රීඩා සමාජය සමත්ව සිටියි. මේ දක්වා සහභාගි වූ තරග 8 ම ජයගෙන සිටින මහනුවර කණ්ඩායම ප්‍රසාද ලකුණු 5 ක්ද සමග ලබා සිටින මුළු ලකුණු සංඛ්‍යාව 45 කි.

එහි දෙවැනි ස්ථානයේ පසුවන සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය, තරග 8 න් 7 ක් ජයගෙන ප්‍රසාද ලකුණු 4 ක්ද සමග මුළු ලකුණු 39 කට හිමිකම් කියයි. මෙවර රග්බි ලීගයේ කුසලාන ශූරතාව සඳහා තවදුරටත් බලාපොරොත්තු රඳවාගැනීමට නම් සී.ආර්. කණ්ඩායම අනිවාර්යෙන්ම මෙම සතියේදී නාවික හමුදා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය ප්‍රසාද ලකුණක්ද සමග ජයගත යුතුය.

එපමණක් නොව මෙම සතියේදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැත්වෙන තරගයේදී මහනුවර ක්‍රීඩා සමාජය පරාජයට පත් විය යුතුය. යම් හෙයකින් මෙම සතියේදී පැවැත්වෙන තරගවලදී මහනුවර සහ සී.ආර්. කණ්ඩායම් දෙකම ජය ලැබුවහොත් අවසන් සතියේදී එම කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන තරගය අවසන් මහ තරගයට ස්වරූපයක් ගනු ඇත.

හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ලකුණු 26 ක් ලබා ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේද, නාවික හමුදාව ලකුණු 21 ක් ලබා එහි සිවුවැනි ස්ථානයේද පසුවේ. කෙසේ වුවත් එම කණ්ඩායම් දෙකටම මෙවර රග්බි ලීගයේ කුසලාන ශූරතාව දිනාගැනීම සඳහා කිසිදු අවස්ථාවක් නොමැත.

තරගාවලියේ පළඟ ශූරතාව සඳහා ගුවන් හමුදාව සහ පොලිසිය ද්වන්ද සටනක නිරතවන අතර මේ වන විට එම කණ්ඩායම් දෙකම ලකුණු 23 බැගින් ලබා සිටිති. මෙම සතියේදී සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ගුවන් හමුදාවද, යුද හමුදාවට එරෙහිව පොලිසියද තරග බිමට පිවිසීමට නියමිතය.


කුසලාන ශූරතාව සඳහා
11 වැනිදා - සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව අතර - රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී

12 වැනිදා - මහනුවර ක්‍රීඩා සමාජය සහ හැව්ලොක්ස් අතර - නිත්තවෙල ක්‍රීඩාංගණයේදී
පළඟ ශූරතාව සඳහා

11 වැනිදා - පොලිසිය සහ යුද හමුදාව අතර - පොලිස් ක්‍රීඩාංගණයේදී


අදහස් (0)

සී.ආර්. පිල වාසනාව උරගා බලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.