Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.ආර්. ක්‍රීඩකයෝ නාවිකයන්ට බැට දෙති
රග්බි ලීගය

සී.ආර්. ක්‍රීඩකයෝ නාවිකයන්ට බැට දෙති

editorial - 2023 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ නමවැනි සතිය යටතේ කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී සෙනසුරාදා (5 වැනිදා) පැවැති තරගයෙන් නාවික හමුදාවට එරෙහිව ලකුණු 37-17 ක පහසු ජයක් වාර්තා කිරීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය.

පළමු අර්ධය නිමාවන විට ලකුණු 12-10 ක් ලෙස පෙරමුණ ගැනීමට නාවික හමුදාව සමත් වුවද, දෙවැනි අර්ධය තුළ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිතර වූ සී.ආර්. ක්‍රීඩකයෝ ලකුණු 27 ක් රැස්කරමින් තරගයේ ජය තමන් සතුකර ගත්හ. දෙවැනි අර්ධයේදී නාවික හමුදාවට ලබාගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි.  

පළමු අර්ධයේදී උත්සාහක දිනුම් 2 ක් සමග ලකුණු ලබාගත් සී.ආර්. ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී දඬුවම් පහරක්, ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු රැස්කළහ. පළමු අර්ධයේදී ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබාගත් නාවික හමුදාව, දෙවැනි අර්ධයේදී ලකුණු ලබාගත්තේ උත්සාහක දිනුමක් මගිනි.

චෙමෝද් මුතුනායක 8 වැනි සහ 20 වැනි විනාඩිවලදීද, රුචිර ඒකනායක 53 වැනි විනාඩියේදීද, ළහිරු පවිත්‍ර 66 වැනි විනාඩියේදීද, ළසිඳු කරුණාතිලක 76 වැනි විනාඩියේදීද, තේනුක නානායක්කාර 81 වැනි විනාඩියේදීද සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත්හ. ඉන් ප්‍රවර්ථන 2 ක් සාර්ථක කරගත් මොහාන් චතුර, සී.ආර්. කණ්ඩායමට හිමිවූ දඬුවම් පහරක්ද සාර්ථක කරගත්තේය.  

නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් අදීෂ වීරතුංග 11 වැනි විනාඩියේදීද, නිරෝෂ් පෙරේරා 30 වැනි විනාඩියේදීද, සමිත් ධනංජය 68 වැනි විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගත්හ. එම උත්සාහක දිනුම් 3 න් එක් ප්‍රවර්ථනයක් සාර්ථක කරගනු ලැබුවේ තිළිණ වීරසිංහ විසිනි.

මෙම තරගයේදී නාවික හමුදා කණ්ඩායමේ ජනිත් ලක්සර සහ හර්ෂ මධුරංග (67 වැනි සහ 80 වැනි විනාඩිවලදී) ද, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමේ මර්ෂීඩ් දොරේ (46 වැනි විනාඩියේදී) ද විනිසුරුගේ දැඩි අවවාද සමග කහ පැහැති කාඩ්පත් ලැබූහ.

(ඡායාරූප - ශ්‍රී ලංකා රග්බි සංගමය අනුග්‍රහයෙනි)


අදහස් (0)

සී.ආර්. ක්‍රීඩකයෝ නාවිකයන්ට බැට දෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.