Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සාන්ත ‍තෝමසුවෝ විද්‍යාර්ථය පරදවති
ඩයලොග් පාසල් රග්බි

සාන්ත ‍තෝමසුවෝ විද්‍යාර්ථය පරදවති

editorial - 2022 අගෝ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පිළිමළුන් පිටුදැකීමේ පාසල් රග්බි තරගාවලියේ ‘සභාපති කුසලාන’ වෙනුවෙන් අද (27 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව තරගයකදී මහනුවර විද්‍යාර්ථ විදුහලට එරෙහිව ලකුණු 35-19 ක ජයක් වාර්තා කිරීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සමත් විය.

කොළඹ හැව්ලොක් පිටියේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 21-07 ක් ලෙස සාන්ත තෝමසුවෝ පෙරමුණ ගත්හ. එහිදී සාන්ත‍ තෝමසුවන් ගෝල දිනුම් 3 ක් සමග ලකුණු ලබාගත් අතර විද්‍යාර්ථීයයන් ලකුණු ලබාගත්තේ එක් ගෝල දිනුමක් සමගිනි.

දෙවැනි අර්ධයේදී තවත් ගෝල දිනුම් 2 ක් ලබාගැනීමට සාන්ත තෝමසුවෝ සමත් වෙද්දී, විද්‍යාර්ථ විදුහලට ලබාගත හැකි වූයේ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් පමණි. ඒ අනුව නියමිත කාලය අවසන්වන විට ලකුණු 35-19 ක ජයක් වාර්තා කළ සාන්ත තෝමසුවෝ අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කරවා ගත්හ.


අදහස් (0)

සාන්ත ‍තෝමසුවෝ විද්‍යාර්ථය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.