Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සත් සාමාජික රග්බි තරග හෙට - අනිද්දා

සත් සාමාජික රග්බි තරග හෙට - අනිද්දා

editorial - 2022 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන පිරිමි සහ කාන්තා අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය හෙට (8 වැනිදා) සහ අනිද්දා (9 වැනිදා) කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී (පැරණි තුරඟ තරග පිටියේදී) පැවැත්වේ.

මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 26 ක් සහභාගි වන අතර එම කණ්ඩායම් කාණ්ඩ 4 ක් යටතේ තරග වදිනු ඇත. එහිදී පිරිමි අංශයේදී ක්‍රීඩා සමාජ කාණ්ඩය සහ පළාත් කාණ්ඩය යටතේ කණ්ඩායම් 8 බැගින් තරග වැදීමට නියමිතය.

කාන්තා අංශයේදී ක්‍රීඩා සමාජ කාණ්ඩය යටතේ කණ්ඩායම් 4 ක් තරග වදින අතර පළාත් කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිත කණ්ඩායම් සංඛ්‍යාව 6 කි. සෑම කාණ්ඩයකම ලීග් ක්‍රමයට අනුව තරග පැවැත්වෙනු ඇත.

කොරෝනා වසංගතය හේතුවෙන් 2020 සහ 2021 යන වසරවලදී මෙම සත් සාමාජික රග්බි තරගාවලිය නොපැවැත්වුණ අතර මෙම වසරේදී (2022) එය පැවැත්වෙන්නේ වසර 2 කට පසුවය. කෙසේ වුවත් අවසන් වරට (2019) වසරේ පැවැති තරගාවලියේ ශූරයන් වූ මහනුවර ක්‍රීඩා සමාජය මෙවර තරගාවලිය සඳහා සහභාගි නොවේ.

නිපෝන් පේන්ට් සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන අතර තුර්කි ගුවන් සමාගම, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්, සිද්ධාලේප, අලියා සිසිල් බීම, ප්‍රිමා සහ වෙබ්එක්ස්ප්‍රේ යන සමාගම් තරගාවලියේ සෙසු අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරයි.


ක්‍රීඩා සමාජ (පිරිමි)
යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී., හැව්ලොක්ස්, වෙස්ටන් බාබේරියන්ස්, නාවික හමුදා බ්ලූස්

පළාත් (පිරිමි)
දකුණු පළාත, ඌව පළාත, උතුරු මැද පළාත, සබරගමුව පළාත, බස්නාහිර පළාත, වයඹ පළාත, අප්කන්ටි්‍ර ප්ලාන්ටර්ස් සහ නැගෙනහිර බ්ලූ වේල්ස්

ක්‍රීඩා සමාජ (කාන්තා)
යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී.

පළාත් (කාන්තා)
දකුණු පළාත, ඌව පළාත, වයඹ පළාත, සබරගමුව පළාත, බස්නාහිර පළාත සහ මධ්‍යම පළාත

 


අදහස් (0)

සත් සාමාජික රග්බි තරග හෙට - අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.