Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශාන්ත පීතරයෝ අපරාජිත බව රැකගැනීමේ සටනක
පාසල් රග්බි ලීගය

ශාන්ත පීතරයෝ අපරාජිත බව රැකගැනීමේ සටනක

editorial - 2023 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පළමු කොටසේ අන්තර් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ මුලික වටය අපරාජිතව අවසන් කළ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, සිය අපරාජිත බව රැකගැනීමේ අරමුණින් යුතුව හෙට (11 වැනිදා) සුපිරි වටය ආරම්භ කරනු ඇත. 

සුපිරි වටය ආරම්භ කරමින් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව හෙට (11 වැනිදා) පස්වරු 4.00 ට තම විදුහල් ක්‍රීඩාංගණයේදීම තරග බිමට පිවිසෙන ශාන්ත පීතරයෝ, එම තරගය ප්‍රසාද ලකුණද සමග ජයගැනීම සඳහා දැඩි උත්සහයක නිරත වනු ඇත. 

මූලක වටයේදී සහභාගි වූ තරග 6 ම ජයගනිමින් අපරාජිතව සුපිරි වටයට පිවිසි ශාන්ත පීතර විදුහල ප්‍රසාද ලකුණු 4 ක් සමග ලබා සිටින මුළු ලකුණු සංඛ්‍යාව 34 කි. මූලික වටයේදී තරග 4 ක් ජයගනිමින්  ප්‍රසාද ලකුණු 4 ක් සමග මුළු ලකුණු 24 ක් ලබා සිටින ශාන්ත අන්තෝනි විදුහල, සුපිරි වටයට ඇතුළත්ව සිටින කණ්ඩායම් අතර පසුපසින්ම සිටියි.

ශාන්ත අන්තෝනි විදුහල ‘ඒ-1’ අනු කාණ්ඩයෙන්ද, ශාන්ත පීතර විදුහල සහ රාජකීය විදුහල ‘ඒ-2’ අනු කාණ්ඩයෙන්ද සුපිරි වටයට පිවිසියේය. සුපිරි වටයේදී සෑම කණ්ඩායමකටම මූලික වටයේදී තමන් නියෝජනය කළ අනු කාණ්ඩයෙන් සුපිරි වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම හැරුණු කොට සෙසු කණ්ඩායම් දෙකට එරෙහිව තරග වැදීමට සිදුවනු ඇත. 

මූලික වටයේදී ලබා සිටින ලකුණු සහ සුපිරි වටයේදී ලබාගන්නා ලකුණුවල එකතුවෙන් තරගාවලියේ ජයග්‍රාහකයන් තීරණය කෙරෙනු ඇත. ශාන්ත පීතර විදුහල මේ දක්වා 4 වරක්ද පාසල් රග්බි ලීග් ශූරයන් බවට පත්ව ඇති අතර ශාන්ත අන්තෝනි විදුහල තවමත් එක් වරක් හෝ පාසල් රග්බි ලීග් ශූරයන් බවට පත්ව නැත.

 


අදහස් (0)

ශාන්ත පීතරයෝ අපරාජිත බව රැකගැනීමේ සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.